ජෝර්ජියානු ජනාධිපතිවරණයෙන් ජයගත් සලෝම් සුරබිස්විලි ජනාධිපති ධූරයට පත්ව ඇත.
එරට කාන්තාවක් ජනාධිපති තනතුරක් හොබවන පළමු අවස්ථාව වේ.
ඡන්ද විමසීමේදී 59% ප්‍රතිශතයකින් ඇය ජය ලබා ඇති අතර විරුද්ධ පක්ෂයෙන් තරග කළ ග්‍රිගෝල් වසාඩ්ත් ලබාගත් ඡන්ද ප්‍රතිශතය 40% ක්වේ.
අවු 66 වයසැති සලෝම් සුරබිස්විලි පැරිසියේ උපත ලබා ඇති අතර සොවියට් හමුදාවේ බලපෑමෙන් මිදීමට ඇගේ දෙමව්පියන් ජෝර්ජියානුවට පැමිණ ඇත.
ඇය මීට පෙර ප‍්‍රංශ විදේශ සේවයක කටයුතු කර ඇති අතර 2003 වසරේදි තානාපතිවරියක ලෙස ද කටයුතු කර ඇත.
අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරමින් නව ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කිරීමටත් රැසියාව සහ බටහිර රටවල් සමඟ ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගැනීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ජනතාව අමතමින් සිදුකළ කථාවේදී පැවසුවාය.
(63226 )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන රටෙත් පළමු වතාවට එන කෙනා නම් ඉතාම ගව්රවනියව වැඩ කරනවා. නමුත් පස්සේ එන කට්ටිය තමයි පිස්සු කෙලින්නේ.