IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ජෝර්ජ් කුමරුට අවුරුදු 12 යි

බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් කුමරු, සිය 12 වැනි උපන් දිනය සැමරුවේය. කුමරුන් උපත ලබා ඇත්තේ 2013 වසරේ ජූලි 22 වැනිදා ලන්ඩන් නුවර ශාන්ත මේරී රෝහලේදීය. ජෝර්ජ් කුමරු යනු ඔටුන්න හිමි විලියම් කුමරුගේත් කේට් මිඩ්ල්ටන් කුමරියගේත් පළමු දරුවාය.

මේ වනවිට බ්‍රිතාන්‍ය රජ කිරුළේ දෙවැනි උරුමකරු වන්නේ ජෝර්ජ් කුමරුය. කිරුළ දරා සිටින තෙවැනි චාල්ස් රජු, ජෝර්ජ් කුමරුගේ සීයාය. 12 වැනි උපන් දිනය සමරද්දී,  ජෝර්ජ් කුමරු නව යොවුන් වියට පා තැබූ බවත්, සම්ප්‍රදායට අනුව, ඉදිරියේ දී වෙනස්කම් කීපයක් සිදුවනු ඇති බවත් රජ පවුල පැහැදිලි කර ඇත. ඒ අනාගතයේ බ්‍රිතාන්‍ය රජු ලෙස කුමරු සූදානම් කළ යුතු බැවිනි.

එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට ජෝර්ජ් කුමරුට නව පාසලකට ද ඇතුළත් වීමට ද සිදුවනු ඇත. මේ වනවිට කුමරු ඉගෙනුම ලබන්නේ, සිය සහෝදරයා සහ සහෝදරිය සමඟ ලැම්බෲක් පාසලේය. ඊට අමතරව, පියා ඔටුන්න හිමි විලියම් කුමරු සමඟ එකම ගුවන් යානයෙන් ගමන් කිරීමට ද ජෝර්ජ් කුමරුන්ට අවසර හිමි වන්නේ නැත. ඒ, හදිසියේ ගුවන් අනතුරක් සිදුවුවහොත්, මීළග උරුමකරු ලෙස කුමරු ආරක්ෂිතව සිටිය යුතු බැවිනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ජෝර්ජ් කුමරුට අවුරුදු 12 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1377 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1276 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 464 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site