IMG-LOGO

ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පහරදීමකින් ඉන්දියාවේ පාසල් සිසුවෙක් මරුට


ඉන්දියාවේ දෙහෙරදන් නගරයේ පාසැලක 7වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවකුට එම පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් හිරිහැර කර පහර දී ඝාතනය කර ඇතැයිද  පාසල් බලධාරීන් එම මෘත දේහය වළලා ඝාතනය වසන් කර ඇතැයිද පොලිසිය පවසයි.
 
ඝාතනයට ලක්ව ඇත්තේ 12 හැවිරිදි සිසුවෙකි.
 
මෙම ඝාතනය මාර්තු 10 සිදුව ඇති අතර  ළමා අයිතිවාසිකම් සුරැකීම් උදෙසා වන උත්තර්කන්ද් කොමිසමේ මැදිහත්වීම මත දෙහෙරදන් පොලිසිය විසින් පසුව මාධ්‍යයට පුවත අනාවරණය කර ඇත.
 
මෙම සිසුවා බිස්කට් කිහිපයක් සොරකම් කිරීම හේතුවෙන් පාසල් බලධාරීන් දඬුවමක් වශයෙන් ඔහු ඇතුළු සිසුන් කිහිපදෙනෙකුට පාසලින් පිටවයාම තහනම් කර තිබිණි. මේ හේතුවෙන් පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් මුගුරු සහ ක්‍රිකට් පිතිවලින් සිසුවාට පහර දී ඇති බවත්, තමන්ට පාසලින් පිටවයාමට ඉඩනොදීම සම්බන්ධයෙන් උරණව ඔහුට බැණවැදී ඇති බවත් පොලිසිය පවසයි.
 
තුවාල ලැබූ සිසුවා රෝහලට රැගෙන එනවිටත් මියගොස් සිටි බව වාර්තා වේ.
 
සිසුවාගේ වළලන ලද මෘත දේහය පොලිසිය විසින් නැවත ගොඩගෙන පශ්චාද් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යවා ඇත. ඒ අනුව අභ්‍යන්තර රුධිර වහනයක් මරණයට හේතුවී ඇතැයි අනාවරණය වී ඇතිබවද පොලිසිය කියයි.
 
පාසලේ කළමනාකරු, ශිෂ්‍ය නේවාසිකාගාරයේ භාරකරු, ශාරීරික පුහුණු උපදේශකවරයා සහ සිසුන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
 
(එන්. ඩී. ටී. වී. ඇසුරිනි)

16844



අදහස් (0)

ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පහරදීමකින් ඉන්දියාවේ පාසල් සිසුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1441 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site