තමිල්නාඩු හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉන්දීය මහාධිකරණය එරට සීබීඅයි ආයතනයට නියෝග කිරීමෙන් පසුදින ඒඅයිඒඩීඑම්කේ පක්ෂයේ මන්ත්‍රීනි ශෂිකලා පුෂ්පා චෝදනා කර සිටියේ මහ ඇමැතිනියගේ මරණය සම්බන්ධයෙන් ශෂිකලා නටරාජන් හා ඇගේ පවුලේ අය කෙරෙහි සැකයක් එල්ලවන බවයි.
ඇය කියා ඇත්තේ ජයලලිතාගේ මරණය සම්බන්ධයෙන් තමිල්නාඩු ජනතාව ශෂිකලා නටරාජන් හා ඇගේ පවුලේ අය සැකකරන බවයි. සාධාරණය අවශ්‍ය බවත් ඇය කියා ඇත. සීබීඅයි විමර්ශන සම්බන්ධයෙන් පුෂ්පා කියනුයේ ජයලලිතා චෙන්නායිහි ඇපලෝ රෝහලට ඇතුළත් කරනු ලැබූ දින සිට ඇය මිය යනතුරු කාලයේ සිදුවූ දෑ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලෙසයි.
ජයලලිතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබානොදීම ගැන ද ඇය සැක පළ කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දේශපාලකයෝ වගේමයි. දැන් ඉන්න මහ ඇමති බයයි පක්ෂය ශෂිකලා උදුරාගනියි කියලා. ශෂිකලා තමයි ජයලලිතාට පස්සේ බලවත්ම. (නි)
අනේ මන්දා එයාලගේ ප්‍රශ්න! (නි)
ඇය දැන් මියගිහිල්ලනේ. දැන් ඕගොල්ලෝ ඕනෑ දෙයක් කරගන්න. අපිට මොකද? (නි)
මේ ජයලලිතා සහ ශෂිකලා අතර තිබෙන සම්බන්ධය මොකක්ද? (නි)
ජයලලිතලා ශෂිකලාලා එකතුවෙලා දශක කිහිපයක් අපිවම කෑවා. දැන් ඔවුන් ඔවුන්ම කාගන්න පටන් අරන් (නි)
ඉන්දියාවේත් ලංකාවේ වගේම දේශපාලනයේදී තමන්ගේ අම්මා, තාත්තා මියගියත් එ්කෙන් ලකුණු දාගන්න හෝ මොකක් හෝ අමුතු දෙයක් කියා ‘පොරක්‘ වී තමනුත් ඉන්නවා කියලා සමාජෙට පෙන්නන්න කැමති කට්ටිය ඉන්නවානේ (නි)
බලනකොට දිය යටින් ගින්දර ගෙනිහිල්ලා වගෙයි (නි)
අනේ ඔව් ඔයගොල්ලෝ දැන් තමුන්ට කැමති දෙයක් කරගන්න. අපිට දැන් ඕවයින් වැඩක් නැහැ (නි)
ඔන්න ඉතින් මියගියාටත් පස්සේ තව රඟපෑමක් කරන්න ඉන්න අය ලෑස්ති වෙනවා !!! (නි)