තමිල්නාඩු හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉන්දීය මහාධිකරණය එරට සීබීඅයි ආයතනයට නියෝග කිරීමෙන් පසුදින ඒඅයිඒඩීඑම්කේ පක්ෂයේ මන්ත්‍රීනි ශෂිකලා පුෂ්පා චෝදනා කර සිටියේ මහ ඇමැතිනියගේ මරණය සම්බන්ධයෙන් ශෂිකලා නටරාජන් හා ඇගේ පවුලේ අය කෙරෙහි සැකයක් එල්ලවන බවයි.
ඇය කියා ඇත්තේ ජයලලිතාගේ මරණය සම්බන්ධයෙන් තමිල්නාඩු ජනතාව ශෂිකලා නටරාජන් හා ඇගේ පවුලේ අය සැකකරන බවයි. සාධාරණය අවශ්‍ය බවත් ඇය කියා ඇත. සීබීඅයි විමර්ශන සම්බන්ධයෙන් පුෂ්පා කියනුයේ ජයලලිතා චෙන්නායිහි ඇපලෝ රෝහලට ඇතුළත් කරනු ලැබූ දින සිට ඇය මිය යනතුරු කාලයේ සිදුවූ දෑ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලෙසයි.
ජයලලිතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබානොදීම ගැන ද ඇය සැක පළ කර ඇත.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජයලලිතාගේ මරණයට ශෂිකලා ගෑවෙයි
අජිත් Tuesday, 20 December 2016 01:52 AM
අපේ දේශපාලකයෝ වගේමයි. දැන් ඉන්න මහ ඇමති බයයි පක්ෂය ශෂිකලා උදුරාගනියි කියලා. ශෂිකලා තමයි ජයලලිතාට පස්සේ බලවත්ම. (නි)
විජේසුන්දර Tuesday, 20 December 2016 08:01 AM
අනේ මන්දා එයාලගේ ප්‍රශ්න! (නි)
බමුණු ආරච්චි Monday, 19 December 2016 11:55 AM
ඇය දැන් මියගිහිල්ලනේ. දැන් ඕගොල්ලෝ ඕනෑ දෙයක් කරගන්න. අපිට මොකද? (නි)
ද සිල්වා Monday, 19 December 2016 12:09 PM
මේ ජයලලිතා සහ ශෂිකලා අතර තිබෙන සම්බන්ධය මොකක්ද? (නි)
ද සිල්වා බෙර්ලින් Tuesday, 20 December 2016 10:07 AM
ජයලලිතලා ශෂිකලාලා එකතුවෙලා දශක කිහිපයක් අපිවම කෑවා. දැන් ඔවුන් ඔවුන්ම කාගන්න පටන් අරන් (නි)
චාමික Monday, 19 December 2016 01:31 PM
ඉන්දියාවේත් ලංකාවේ වගේම දේශපාලනයේදී තමන්ගේ අම්මා, තාත්තා මියගියත් එ්කෙන් ලකුණු දාගන්න හෝ මොකක් හෝ අමුතු දෙයක් කියා ‘පොරක්‘ වී තමනුත් ඉන්නවා කියලා සමාජෙට පෙන්නන්න කැමති කට්ටිය ඉන්නවානේ (නි)
මොහාන් Monday, 19 December 2016 02:06 PM
බලනකොට දිය යටින් ගින්දර ගෙනිහිල්ලා වගෙයි (නි)
සොපි Monday, 19 December 2016 02:08 PM
අනේ ඔව් ඔයගොල්ලෝ දැන් තමුන්ට කැමති දෙයක් කරගන්න. අපිට දැන් ඕවයින් වැඩක් නැහැ (නි)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 19 December 2016 06:26 PM
ඔන්න ඉතින් මියගියාටත් පස්සේ තව රඟපෑමක් කරන්න ඉන්න අය ලෑස්ති වෙනවා !!! (නි)