රෝගාතුරව රෝහල් ගත කර සිටින ඉන්දියාවේ තමිල්නාඩු මහා ඇමතිනී ජයලලිතා ජයරාම් යටතේ ඇති අමාත්‍යංශ නියෝජ්‍ය මහ ඇමති ඕ.පී පනීර්සේල්වම් වෙත පවරන බව වාර්තා වෙයි.ඇය සතු වූ පක්ෂයේ වගකීම් සහ අනෙකුත් සියලු වගකීම් ද ඔහු වෙත පවරන බව සඳහන් වෙයි. නමුත් මහ ඇමති ධුරයෙහි වෙනසක් නොවන බවත් වෛද්‍ය උපදෙස් අනුව විවේක ගැනීම සඳහා මෙම තීරණය ගත් බවත් ඇගේ සමිපතයෙකු පැවසිය.