සඳුදා (17) ආරම්භවූ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් කරුණා නිධිගේ ඩීඑම්කේ කොංග්‍රස් සන්ධාන පක්ෂය  ජය ගන්නා ලකුණු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාමේගේ කේඑම්ඩීකේ පක්ෂය පරාජයට පත්වීමට බොහෝ ඉඩකඩ ඇතැයි කියති.

ආසන 234කින් යුත් තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 120ක් පමණ කරුණා නිධිගේ පක්ෂයට හිමිවනු ඇති බව සමීක්ෂකයෝ පෙන්වා දෙති. 

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ නිල ප්‍රතිඵල මැයි 19 වැනිදා වන විට ප්‍රකාශයට පත් කළ හැකිවනු ඇතැයි ඉන්දීය වාර්තා කියයි. 

තමිල්නාඩු, කේරළ සහ පුදුච්චේරි යන ප්‍රාන්ත තුනෙහි මැතිවරණය සඳුදා ඇරඹි අතර තමිල්නාඩු ප්‍රාන්තයේ මිලියන 5.8ක ඡන්ද දායකයෝ පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.