තමිල්නාඩු මහමැතිවරණයෙන් ජයලලිතා ජයරාම් ජයග්‍රහණය කිරීමටට සමත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඇය තමිල්නාඩු මහ ඇමැතිනිය ලෙස තේරී පත්වනුයේ සිව්වැනි වරටයි.
කේඑම්ඩීකේ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වූ ජයලලිතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ ඩීඑම්කේ කොංග්‍රස් සන්ධානයේ කරුණා නිධිය. ආසන 134ක් ජයගත් ජයලලිතා ඒ අනුව තමිල්නාඩුවේ ඉදිරි වසර පහක බලය හිමිකරගත් අතර ඇය මෙවර මහ ඇමැතිනිය වූයේ පිට පිටම දෙවැනි වරටයි.
තමාට බලය ලබාදුන් තමිල්නාඩුවේ ජනතාවට සදාකාලිකව ණය ගැති බව ඇය ජයග්‍රහණය ලබාගැනීමෙන් පසු මාධ්‍ය අමතමින් පැවසුවාය.
කරුණානිධිගේ පක්ෂයට මෙවර මහමැතිවරණයෙන් දිනා ගැනීමට හැකිවූයේ ආසන 98ක් පමණි. මැතිවරණයේ මුල් ප්‍රතිඵල නිකුත්වෙද්දී කරුණා නිධි යම්තරමකින් ඉදිරියෙන් සිටියද සමස්ථ ප්‍රතිඵල අනුව ජයලලිතාගේ පක්ෂය පරාජය කිරීමට නොහැකි විය.
2025 නොවැම්බර් මස 04
577
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජයලලිතා ජය ලබයි
නිමල් ලලිත Sunday, 22 May 2016 02:04 PM
ශ්‍රී ලාල්, ඔබ හරියටම හරි. අපේ බහු මතවාදීන්ට මහත් රුකුලක්. (නි)
බමුණුසිංහ Friday, 20 May 2016 11:53 PM
තමිල්නාඩුවේ ඉන්න මෝඩයෝ අපේ අයට දෙවෙනි නැත. (නි)
රාධා Saturday, 21 May 2016 12:36 AM
තමිල්නාඩු ජනතාව දන්නේ දෙන දෙයක් කාලා කියන දෙයක් අහගෙන හොලිවුඩ් නළු නිළියන්ට දේශපාලඥයින්ට වන්දනාමාන කිරීමයි. එ්කනිසා සැමදාම එකම නළු නිළි කට්ටියක් දේශපාලනයේ නියැලෙනවා. ඔවුන් රටේ ආර්ථිකය බෙදාගන්නවා (නි)
උපාලි Saturday, 21 May 2016 01:01 AM
උපුල් වීරසිංහ, අපි එහෙම හිතුවට මොවුන් නුගත් දේශපාලකයන් නෙමෙයි. අන්ත කට්ට කෛරාටිකයන්. මොවුන්ට ඡන්දෙ දීලා බලයට පත්කරවන ඡන්දදායකයෝයි නුගත්තු. විශේෂයෙන් අපි වගේ රටවල ඉන්න ඡන්දදායකයෝ හරි උගත් බුද්ධිමත් කියලා අපිම හිතාගෙන ඉන්නවා. (නි)
ඉෆ්තීර් Saturday, 21 May 2016 08:00 AM
මෙයා හින්දා ලංකාවට තවත් කරදර ඉදිරියට වෙයි (නි)
සුමිත්‍රා බස්නායක Saturday, 21 May 2016 08:11 AM
ලංකාවට ඇඟිලි ගැසීම් වැඩිවේවි. (නි)
ඇසළ Monday, 23 May 2016 03:08 AM
මෙයා ලංකාව කන්න බලාගෙන ආයෙත් ඡන්දෙන් තුන්වෙනි පාරටත් එයි. (නි)
වීරවර්ධන Friday, 20 May 2016 06:55 AM
දැන් ඉතින් සේරම ප්‍රසන අමතක කරලා. ලංකාව ගැන හොයයි. (ර)
ශ්‍රීලාල් Saturday, 21 May 2016 12:26 PM
ඔය කොයි කවුරු ආවත් ලංකාවට පහරදෙන්න තමයි බලන්නේ. අපේ පාරම්පරික හතුරෝද මේ? අපේ මේ පුංචි රටට ඇඟිලි ගහන්නේ නැතුව තමන්ගේ මහා විශාල රට රැකගෙන ඉන්න. (නි)
ශෂිකා Friday, 20 May 2016 07:10 AM
අපට ඔය දෙන්නම එකයි... (ර)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 20 May 2016 07:34 AM
මේ බවලතාගේ ජය ගැන ශ්‍රී ලංකාව විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා. ඉතාම අනතුරුදායක කලබල ඇති කිරීම සඳහා අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට හෝ මෙරටේ දෙමළ නායකයන් උසි ගැන්වීමට ඇය යළිත්වරක් පටන් ගනීවි. (ර)
අබය Friday, 20 May 2016 07:50 AM
මොකා ආවත් ‘යකා‘ම තමයි... (නි)
නුවන් Friday, 20 May 2016 08:05 AM
අනේ ඔව්. මෙයාම තමා සුදුස්සා! (නි)
බෙනට් Sunday, 22 May 2016 04:16 AM
උපාලි හරියටම හරි. (ර)
ධම්ම Friday, 20 May 2016 11:08 AM
ඔය කවුරු දිනුවත් ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. (ර)
උපුල් වීරසිංහ Friday, 20 May 2016 01:17 PM
ජයලලිතා ජයරාම්,කරුණා නිධි විතරක් නෙවෙයි නුගත් දේශපාලකයන් කොහොම කොයි තැනක කොයි විදිහට ජයග්‍රහණය කලත් රටකට වත් ජාතියකට වත් වැඩක් වෙන්නේ නැත . (ර)
නිම්මි Friday, 20 May 2016 03:00 PM
අපේ අවාසනාව තමයි (නි)
කුමාර් (ගල්ෆ්) Sunday, 22 May 2016 11:18 AM
දැන් ඉතින් ආයෙත් ලංකාව කන්න හදයි. (නි)