තමිල්නාඩු මහමැතිවරණයෙන් ජයලලිතා ජයරාම් ජයග්‍රහණය කිරීමටට සමත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඇය තමිල්නාඩු මහ ඇමැතිනිය ලෙස තේරී පත්වනුයේ සිව්වැනි වරටයි.
කේඑම්ඩීකේ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වූ ජයලලිතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ ඩීඑම්කේ කොංග්‍රස් සන්ධානයේ කරුණා නිධිය. ආසන 134ක් ජයගත් ජයලලිතා ඒ අනුව තමිල්නාඩුවේ ඉදිරි වසර පහක බලය හිමිකරගත් අතර ඇය මෙවර මහ ඇමැතිනිය වූයේ පිට පිටම දෙවැනි වරටයි.
තමාට බලය ලබාදුන් තමිල්නාඩුවේ ජනතාවට සදාකාලිකව ණය ගැති බව ඇය ජයග්‍රහණය ලබාගැනීමෙන් පසු මාධ්‍ය අමතමින් පැවසුවාය.
කරුණානිධිගේ පක්ෂයට මෙවර මහමැතිවරණයෙන් දිනා ගැනීමට හැකිවූයේ ආසන 98ක් පමණි. මැතිවරණයේ මුල් ප්‍රතිඵල නිකුත්වෙද්දී කරුණා නිධි යම්තරමකින් ඉදිරියෙන් සිටියද සමස්ථ ප්‍රතිඵල අනුව ජයලලිතාගේ පක්ෂය පරාජය කිරීමට නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලාල්, ඔබ හරියටම හරි. අපේ බහු මතවාදීන්ට මහත් රුකුලක්. (නි)
තමිල්නාඩුවේ ඉන්න මෝඩයෝ අපේ අයට දෙවෙනි නැත. (නි)
තමිල්නාඩු ජනතාව දන්නේ දෙන දෙයක් කාලා කියන දෙයක් අහගෙන හොලිවුඩ් නළු නිළියන්ට දේශපාලඥයින්ට වන්දනාමාන කිරීමයි. එ්කනිසා සැමදාම එකම නළු නිළි කට්ටියක් දේශපාලනයේ නියැලෙනවා. ඔවුන් රටේ ආර්ථිකය බෙදාගන්නවා (නි)
උපුල් වීරසිංහ, අපි එහෙම හිතුවට මොවුන් නුගත් දේශපාලකයන් නෙමෙයි. අන්ත කට්ට කෛරාටිකයන්. මොවුන්ට ඡන්දෙ දීලා බලයට පත්කරවන ඡන්දදායකයෝයි නුගත්තු. විශේෂයෙන් අපි වගේ රටවල ඉන්න ඡන්දදායකයෝ හරි උගත් බුද්ධිමත් කියලා අපිම හිතාගෙන ඉන්නවා. (නි)
මෙයා හින්දා ලංකාවට තවත් කරදර ඉදිරියට වෙයි (නි)
ලංකාවට ඇඟිලි ගැසීම් වැඩිවේවි. (නි)
මෙයා ලංකාව කන්න බලාගෙන ආයෙත් ඡන්දෙන් තුන්වෙනි පාරටත් එයි. (නි)
දැන් ඉතින් සේරම ප්‍රසන අමතක කරලා. ලංකාව ගැන හොයයි. (ර)
ඔය කොයි කවුරු ආවත් ලංකාවට පහරදෙන්න තමයි බලන්නේ. අපේ පාරම්පරික හතුරෝද මේ? අපේ මේ පුංචි රටට ඇඟිලි ගහන්නේ නැතුව තමන්ගේ මහා විශාල රට රැකගෙන ඉන්න. (නි)
අපට ඔය දෙන්නම එකයි... (ර)
මේ බවලතාගේ ජය ගැන ශ්‍රී ලංකාව විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා. ඉතාම අනතුරුදායක කලබල ඇති කිරීම සඳහා අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට හෝ මෙරටේ දෙමළ නායකයන් උසි ගැන්වීමට ඇය යළිත්වරක් පටන් ගනීවි. (ර)
මොකා ආවත් ‘යකා‘ම තමයි... (නි)
අනේ ඔව්. මෙයාම තමා සුදුස්සා! (නි)
උපාලි හරියටම හරි. (ර)
ඔය කවුරු දිනුවත් ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. (ර)
ජයලලිතා ජයරාම්,කරුණා නිධි විතරක් නෙවෙයි නුගත් දේශපාලකයන් කොහොම කොයි තැනක කොයි විදිහට ජයග්‍රහණය කලත් රටකට වත් ජාතියකට වත් වැඩක් වෙන්නේ නැත . (ර)
අපේ අවාසනාව තමයි (නි)
දැන් ඉතින් ආයෙත් ලංකාව කන්න හදයි. (නි)