ගොල්ෆ් බෝලය ඉලක්කයට එල්ල කර ගැනීමට නොහැකිව මහ හඩින් හඩා වැටෙන පොඩ්ඩෙකුගේ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ අතිශයින් ජනප්‍රියය.
එහි දැක්වෙන ආකාරයට පළමු වර ඔහු ගොල්ෆ් බෝලය නිවැරදිව ඉලක්කය කරා යොමුකිරීමට සමත්වේ.වීඩියෝ ගත කරන පියා ඔහුගේ දක්ෂතාවයද අගය කරයි.
ඉන් ඔදවැඩී දෙවැනි වරටද ගොල්ෆ් බෝලය එම ඉලක්කය වෙත එල්ල කිරීමට තැත් කරන පොඩ්ඩාගේ උත්සාහය වරදී.ඉන් අතිශයින්ම කැළඹීමට පත්වන ඔහු ගොල්ෆ් පිත්ත විසිකර, හඩා වැටෙමින්, බිම පෙරළේ.තම දරුවා මෙසේ හැසිරේයැයි පියාද කිසිසේත් නොසිතූ බව ඔහුගේ හඩින් තේරුම් යයි.
මේ වීඩියෝව විට ඉහළ ආකර්ශණයක් දිනාගෙන තිබේ.දහස් ගණනක් දෙනා එය නරඹා ඇත.
ගොල්ෆ් ක්‍රිඩාවේ නම ගිය ක්‍රීඩකයින්ද තම ඉලක්කය මගහැරුණු විට හැසිරෙන ආකාරය මේ පොඩ්ඩාට දෙවැනි නොවන බව වීඩියෝවට සම්බන්ධයෙන් අදහස් පළකර ඇති ඇතැමුන් සදහන් කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වීඩියෝව බලන ලිපිනය, දන්නා කෙනෙක් කරුණාකර මෙහි පළකරන්න පුලුවන්ද? (නි)
පොඩි කලේ ඉදන් ජය පරාජය දරාගන්න පුරුදු වෙමු.(ම)
මන් ඕක ටී.වී එකේ දැක්කා (නදී)
එකනම් ඇත්ත. (ර)
ඇත්ත. මමත් පිළිගන්නවා (නි)
අනේ බබෝ ඇයි මේ අඩන්නේ.ඔබ තව උත්සහ කරන්න.(හේ)
ඒකනම් ඇත්ත.(හේ)
ගිය ආත්මේ ගොල්ෆ් ගහපු කෙනෙක් වෙන්න ඇති..සමහර පුරුදු අත්මෙන් ආත්මෙට එනවා. (හේ)