ජම්මු කාශ්මීරයේ කිස්ට්වාර් දිස්ත්‍රික්කයේ චෂෝති ගම්මානයට ඇද හැලෙන මහ වැසි 46 දෙනකු බිලිගත් බව පැවැසෙයි. මහ වැසි හේතුවෙන් නායයෑම් ද වාර්තා වේ.

නායයෑමට ලක්වුණු නිවාසවල සුන්බුන් අතරේ සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම් නොකඩවා සිදුවුණු බවත් වාර්තා වේ. මහ වැසි සමඟ හටගත් හදිසි ජල ගැලීම්වලින් පීඩාවට පත් පුද්ගලයන් 160 දෙනකු බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් ඉන්දීය කැබිනට් අමාත්‍ය ආචාර්ය ජිතේන්ද්‍ර සිං සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පැවැසුවේ, විපතට පත්වූවන් බේරා ගැනීමට, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බවය.