
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 100 කි.
කාටර් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 1977 සිට 1981 දක්වා කාලයේය. ජෝර්ජියාවේ, ප්ලේන්ස් පිහිටි සිය නිවසේ දී හිටපු ජනාධිපතිවරයා අවසන් සුසුම් හෙලූ බව පැවැසෙයි.
'අප හිටපු ජනාධිපති ජිමී කාටර් සමුගත්තා' යැයි කාටර්ගේ අභාවය පිළිබඳ පළමුවෙන් දැනුම් දීමක් කළේ ධවල මන්දිරයයි. ඒ එක්ස් පණිවුඩයක් මගිනි.
පසුගිය වසර දෙකක කාලයේ ජිමී කාටර් දැඩි ලෙස රෝගී වී සිටියේය. ඒ චර්ම පිළිකා රෝගී තත්ත්වයක් නිසාය. ඔහු වැඩි කාලයක් ගත කළේ රෝහල්වලය.
ඇමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපති ලෙස කාටර් නම් කෙරුණේ පසුගිය ඔක්තෝබරයේ ඔහු 100 වැනි උපන් දිනය සමරද්දීය.
කාටර් උපන්නේ 1924 ඔක්තෝබර් පළමු වැනිදාය. ඔහු නොබෙන් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූවෙකි. ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන කාටර් ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයාය. කාටර්ගේ බිරිඳ රොසලීන් 2023 දී දිවියෙන් සමුගත්තාය.
CNN

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයටත් ඉක්මණින්ම එම ගමන යාමට ලැබේවා...!
ඉතාමත්ම ඉවසිලිවන්ත, කාරුණික සාමකාමී නායකයෙක්. එතුමාගේ කාලයේ තමයි ඉරානයේ බලය ඉස්ලාම් අන්තවාදී කොමෙයින් විසින් කොල්ල කා ඉරානයේ ඇමරිකන් තානාපති කාර්‍යාලය වටලා වසරකටත් වැඩිකාලයක් කාර්‍යාල මණ්ඩල සාමාජිකයින් හිරකර සිටියේ. ඒත් එතුමා කිසිම අයුරකින් බලය පාවිච්චි කළේ නෑ. එතුමාගෙන් පසු බලයට නාහෙට අහන්නේ නැති රොනල්ඩ් රීගන් එනවත් සමගම කොමේනිගේ ත්‍රස්තවාදීන් සියලුම ඇමරිකන් තානාපති නිලධාරීන් නිදහස් කළා.
එහේ අය නම් ධුරෙයෙන් විශ්‍රාම ගන්නවා අපේ ඈයෝ මැරිලත් බලයට පොර කනවා.
හොර පෙරකදෝරුවත් සමහර විට යයිද දන්නේ නැහැ .තමුන්ගේ නෑයිනුත් එහෙ ඉන්න එකේ?