ජපානයට ‘ලයන් රොක්‘ නමැති දරුණු සුළි කුණාටු තත්ත්වයක් බලපා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

දැඩි වර්ෂාව සමග දැඩි සුළං බලාපොරොත්තුවිය හැකි බවත් එය කුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් ජපාන කාලගුණ විද්‍යාඥයෝ කියති.

නැගෙනහිර පැසිපික් සාගරයේ සිට ආරම්භ වන කුණාටුව හේතුවෙන් එම මුහුදු කලාපය රළු විය හැකි බවටද කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

පැයට කිලෝමීටර් 180කට වැඩි වේගයෙන් සුළි සුළඟ පැමිණිය හැකි බව ද  ඉදිරි පැය 12 ඇතුළත ඊසාන දිග ජපානයට මෙයින් බලපෑම් ඇතිවිය හැකි බව ද කියති.