ජපානයට ගිනිකොණ දෙසින් වර්ධනය වෙමින් පවතින ෆැන්ෆොනේ සුළි කුණාටුව සඳුදා දකුනු දිග තුඩුවට ආසන්නයෙන් ඇතුළු වී නිරිත දිග ප්‍රදේශයට විශාල බලපෑමක් එල්ලකරනු ඇතැයි ඇමෙරිකා ඒකාබද්ධ සුළි කුණාටු අනතුරු මධ්‍යස්ථානය පවසයි. මේ සුළි කුණාටුවෙන් ජපානයේ ටෝකියෝ නගරයට ද බලපෑම් එල්ලවිය හැකි බව ද එම මධ්‍යස්ථානය පවසයි.

කාලගුණ විද්‍යාඥ අයිවන් කැබ්රෙරා විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ මෙම තත්වය හේතුවෙන් ජපානයට  ධාරානිපාත වැසි සහ කුණාටු තත්වයන් ඇතිවිය හැකි බවයි.

ප්‍රබල චන්ඩමාරුතය මගින් වන සැඩපහරවල් ජපානයේ නිරිත දිග වෙරළ කලාපයේ එනම් ටෝකියෝ බොක්කටද ඇතුළු වන බව කැබ්රෙරා පවසයි.