IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජපානයට තවත් භූමිකම්පාවක් : 19ක් මරුට

ජපානයේ කියුෂු ප්‍රදේශයේ අද(16) අලුයම 7.3ක රිච්ටර් මාපාංක අගයකින් යුත් භූකම්පනයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් පුද්ගලයින් 19 දෙනකු මියගිය බව විදෙස් පුවත් සේවා පවසයි.

සිකුරාදා (15)  ජපානයේ කුමමොටෝ හි ඇතිවූ භූකම්නයෙන් 9 දෙනකු මරුමුවට පත්වූ අතර එය සිදුවී පැය 24 ක් ගතවීමට මත්තෙන් මෙම කම්පනය සිදුවී ඇතැයි කියති.

මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු සංඥාද නිකුත් කැර තිබූ නමුත් එය පසුව අවලංගු කිරීමට බලධාරීහු ක්‍රියා කළහ.

ගොඩනැගිලි හා මාර්ගවලට කම්පනයෙන් හා නාය යාම් වලින් දැඩි හානි සිදුවූ අතර ගොඩනැගිලි නිර්මාණය කිරීමේ ජපන් ක්‍රමවේදය හේතුවෙන් හානිය යම්තරමකින් අවම වී තිබූ බව එරට මාධ්‍ය වාර්තා කියයි.

සුන්බුන්වලට යටවූ පිරිස් සොයා මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බවත් ඒ වෙනුවෙන් සහන සේවකයන් 20000ක් යොදවා ඇති බවත් කියති.

_89262501_032480942-1 _89264083_3f263abd-0e8d-4905-8140-ba7191ef8f14 _89264085_b1df171b-0c4e-4b26-ae27-d22520444250 _89264126_42fa126c-2951-438f-9961-79a1ceee02bf _89264128_63e9aaac-3ab2-43c5-9a9d-c31561e4199f _89267212_89267208



අදහස් (0)

ජපානයට තවත් භූමිකම්පාවක් : 19ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site