ජපානයේ මධ්‍යම ප්‍රදේශයට සෙනසුරාදා රාත්‍රී රිච්ටර් මාපකයේ 6.8 ක භූමිකම්පාවක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ මේ භූමිකම්පාවෙන් නගානෝවලට බටහිරින් පිටිහි හකුබා නම් ගම්මානයේ නිවාස පහක් කඩා වැටුණු බවට තොරතුරු ලැබී ඇති බවයි. සුන්බුන්වලට හිරවී සිටි පස් දෙනකුගේ ජීවිතය බේරාගත් බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නගානෝ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුවද පවසන්නේ පුද්ගලයන් කිප දෙනෙක් තුවාල ලබා ඇති බවයි. භූමි කම්පාව හේතුවෙන් නායයාම් කීපයක්ද එම ප්‍රදේශයේ සිදුවි තිබේ. ජපාන රජයේ කැබිනට්ටුවේ ප්‍රධාන ලේකම් යොෂිහිඩේ සුගා පවසන්නේ භුමිකම්පාව සිදුවූ ස්ථානයට හමුදා බලඇණි සහ සහන සේවකයන් පිටත් කර යැවු බවයි.
විදුලි බල පද්ධතියට, න්‍යෂ්ඨික බලා ගාරයන්ට මෙම අනතුරින් හානි නොවු බව එරට ටෝකියෝ විදුලිබල සමාගම ප්‍රකාශකැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd