උතුරුදිග ජපානයේ මියාකෝ වෙරළට ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ 6.9ක ප‍්‍රබල භූ කම්පනයක් සිදුවීමත් සමග එම ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත්කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූමිකම්පාවෙන් පුද්ගල හෝ දේපල හානි සිදුව නැතත් එම ප්‍රදේශයේ න්‍යෂ්ඨික බලාගාර පිහිටා තිබීම හේතුවෙන් මෙලස පදිංචිකරුවන් ඉවත්කිරීමට කටයුතු කරණ බව එරට රජය පවසා ඇත. ඉන්ද පැසිපික් භූ තැටි මායිමේ මේ භුමිකම්පාව සිදුව ඇති බැවින් ඉදිරි දින කිහිපයේ දී තවත් භූමිකම්පා සිදුවීමට ඉඩ ඇතැයි භූවිද්‍යාඥයන්ගේ මතය හේතුවෙන් මෙලෙස ආරක්ෂිත පියවර ගැනීමට කටයුතු කැර ඇත.

භූ විද්‍යාඥයන් පවසන්නේ මියාකෝ වෙරළට කිලෝ මීටර 90ක් උතුරින් මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10 ක් ගැඹුරින් භූමිකම්පාවේ අපි කේන්ද්‍රය පිහිටා තිබූ බවයි.