උතුරු දිග ජපානයේ හොකයිඩෝහි ප්‍රබල භූකම්පනයක් වාර්තාවී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
රික්ටර් මාපකයේ 6.7ක අගයක් වාර්තාවූ භූකම්පනය හොකයිඩෝහි උරකාවා නගරය ආසන්නයේ මෙය සිදුව ඇතැයි ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඔවුන් කියනුයේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50 ක පමණ ගැඹුරකින් යුතුව භූකම්පනය සිදුව ඇති බවයි.
භූකම්පනය හේතුවෙන් සිදුවූ අනතුරු හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවී නැති බවත් විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd