
ජපානයේ පාලන පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුණු හිටපු විදේශ අමාත්‍යවරයකු ද වන ෆුමියෝ කිෂිඩා සමත් විය.
ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ ද පාලක පක්ෂයේ නායකයාය. ඒ අනුව, ජපානයේ නව අග්‍රාමාත්‍ය ධුරය ෆුමියෝ කිෂිඩා ට හිමි වනු ඇත. ජයග්‍රහණය සදහා ෆුමියෝ කිෂිඩා ට ඡන්ද 257 ක් ලැබුණි.
ඒ අනුව, 64 හැවිරිදි ෆුමියෝ කිෂිඩා ට ඉඩ දී පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වත්මන් නායක මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන යොෂිහිදේ සුගා ධුරයෙන් සමුගනු ඇත.
පක්ෂ නායකත්වය වෙනුවෙන් සුදුස්සකු තෝරා ගැනීමට ඡන්දයක් පැවැත්වීමට තීරණය කළ අවස්ථාවේදී සුගා කියා සිටියේ තමන් ඊට ඉදිරිපත් නොවන බවය.
'කොවිඩ් 19' වසංගතය හමුවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීම කායික මෙන්ම මානසික වශයෙන් ද තමන්ට අභියෝගයක් බවත් ඒ නිසා තමන් පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද අත්හරින බවත් සුගා පවසා තිබුණි.
සුගා අග්‍රාමාත්‍ය ධුරයේත් පක්ෂ නායකත්වයෙත් රැදී සිටියේ වසරක කාලයක් පමණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපානයේ නව අගමැති ෆුමියෝ කිෂිඩා
Hemantha Sudusinghe Wednesday, 29 September 2021 04:36 PM
අන්න නියම නායකයෝ .හැමදාමත් ජපානයේ එහෙමයි .තමන්ට රට පාලනය කරන්න පොඩි හරි අමාරුවක් දැනෙන කොට ඉල්ලා අස් වෙලා ඊළඟට ඉන්න සුදුසු කෙනාට දෙනවා .ඒකයි ජපානයේ දියුණුවේ රහස .ඒකට අපේ නායකයෝ කොහොමද
ansmpa Thursday, 30 September 2021 02:40 PM
ඒකට අපේ අයියලා...