IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජපානය තල්මසුන් දඩයම් කිරීමට නැවත සැරසෙයි

වාණිජ වශයෙන් තල්මසුන් දඩයම් කිරීම නැවත ආරම්භ කිරීමට ජපානය සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අනුව ජපානයට තල්මසුන් සඳහා වන ජාත්‍යන්තර කොමිසමේ නියෝග වලට පටහැනිව කටයුතු කිරීමට සිදුවන අතර මෙයට එම කොමිසමේ අනුමැතිය ලැබී නොමැති බවද සඳහන් වේ.

තල්මසුන් වර්ග කිහිපයක් වඳවීයෑමේ තර්ජනයට මුහුණදීම හේතුවෙන් මෙම කොමිසම විසින් 1986 වර්ෂයේ සිට වාණිජ වශයෙන් තල්මසුන් දඩයම් කිරීම තහනම් කෙරිණි.

කෙසේ වුවද විද්‍යාත්මක පර්යේෂණ සඳහා යැයි පවසමින් වසර ගනනාවක් තිස්යේ ජපානය තල්මස් දඩයමේ යෙදුනු අතර මෙම ක්‍රියා පිළිවෙත සත්ත්ව සංරක්ෂකයෝ දැඩි ලෙස විවේචනය කලහ.

ජපාන බලධාරීන් පවසන්නේ තල්මසුන් ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතික අංගයක් බවයි.

තල්මසුන් දඩයම් කිරීමට ජපානය ගෙන ඇති මෙම තීරණය බොහෝ පරිසරවේදීන්ගේ දෝශ දර්ශනයට ද ලක්ව ඇත.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

ජපානය තල්මසුන් දඩයම් කිරීමට නැවත සැරසෙයි

විජිත් Thursday, 20 December 2018 06:46 PM

දිග තියුණු උල්වලින් ඇනලා තල්මසුන්ව අඩපන කිරීම දුටුවන්ගේ නෙත්වලට කඳුළු ගෙනෙන අමානුෂික දසුනකි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site