වාණිජ වශයෙන් තල්මසුන් දඩයම් කිරීම නැවත ආරම්භ කිරීමට ජපානය සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අනුව ජපානයට තල්මසුන් සඳහා වන ජාත්‍යන්තර කොමිසමේ නියෝග වලට පටහැනිව කටයුතු කිරීමට සිදුවන අතර මෙයට එම කොමිසමේ අනුමැතිය ලැබී නොමැති බවද සඳහන් වේ.

තල්මසුන් වර්ග කිහිපයක් වඳවීයෑමේ තර්ජනයට මුහුණදීම හේතුවෙන් මෙම කොමිසම විසින් 1986 වර්ෂයේ සිට වාණිජ වශයෙන් තල්මසුන් දඩයම් කිරීම තහනම් කෙරිණි.

කෙසේ වුවද විද්‍යාත්මක පර්යේෂණ සඳහා යැයි පවසමින් වසර ගනනාවක් තිස්යේ ජපානය තල්මස් දඩයමේ යෙදුනු අතර මෙම ක්‍රියා පිළිවෙත සත්ත්ව සංරක්ෂකයෝ දැඩි ලෙස විවේචනය කලහ.

ජපාන බලධාරීන් පවසන්නේ තල්මසුන් ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතික අංගයක් බවයි.

තල්මසුන් දඩයම් කිරීමට ජපානය ගෙන ඇති මෙම තීරණය බොහෝ පරිසරවේදීන්ගේ දෝශ දර්ශනයට ද ලක්ව ඇත.

(බීබීසී ඇසුරිණි - 085)