ජපාන අධිකරණ අමාත්‍ය කට්සුකි කවායි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සතියක් තුළ එරටින් වාර්තා වූ අමාත්‍යවරයෙකුගේ දෙවැනි ඉල්ලා අස්වීම මෙයයි.
මෙම වසරේ උත්තර මන්ත්‍රී මණ්ඩල සභා මැතිවරණයේ දී ඔහුගේ බිරිඳ මැතිවරණ නීති උල්ලංඝණය කළ බවට සඟරාවක් විසින් චෝදනා එල්ල කිරීම මෙම ඉල්ලා අස්වීමට හේතුවයි.
නීත්‍යනුකූල සීමාව ඉක්මවා මැතිවරණ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයට ඇය ගෙවීම් සිදුකර ඇතැයි එම සඟරාව අනාවරණය කර තිබේ.
සිය ඡන්ද කොට්ඨාසයේ ඡන්ද දායකයින්ට කාර්ය මණ්ඩලය ඔස්සේ කැවිලි වර්ග සහ වෙනත් ත්‍යාග යවා අමාත්‍යවරයාගේ කාර්යාලය තුළදීද දූෂණ ක්‍රියා සිදුකර ඇති බවට ද චෝදනා නගා ඇත.
ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය කවායි මහතා අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාට අද පෙරවරුවේ භාරදුන්නේය. මහජන විශ්වාසය කඩකිරීමට හේතුවන මෙම සැකකටයුතු සිදුවීම් සම්බන්ධයෙන් තමා වගකීම භාර ගන්නා බව ඔහු ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එරට වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍ය ධූරය දැරූ ඉස්ෂූ සුගවරා මහතා මීට දින 6 කට පෙර ඉල්ලා අස්විය.
-226-
(එන්.එච්.කේ ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
766
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2408
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපානයේ අධිකරණ අමැතිවරයා ඉල්ලා අස්වෙයි
muditha Thursday, 31 October 2019 08:21 AM
අපි නම් ඡන්දේ දෙන්නේ නීති කඩන අයට විතරයි...
Mahinda Friday, 01 November 2019 12:51 AM
ලංකාවෙන් හුඟක් එහායින්ද ජපානේ තියෙන්නේ ?