අදටත් ක‍්‍රියාකාරී ලෝකයේ පැරණිම වෙළඳ ව්‍යාපාර ඇත්තේ ජපානයේය. එහි වයස අවුරුදු 1298 කි. එහි ආරම්භය වර්ෂ 718 දීය. බටහිර ජපානයේ ආර්චිපෙල් හොන්සු දුපතේ කොමට්සු නගරයට යාබදව පිහිටි එකම පවුලකට අයත් මෙම ව්‍යාපාරය පරම්පරා 46 ක් විසින් පාලනය කොට ඇත්තේය.

හොෂී රොයිකාන් ජපන් හෝටලය නමින් අදටත්  එම ව්‍යාපාරය පවත්වා ගෙන යයි. ඉතාමත් නිසංසළ හරිත වර්ණ සුන්දර පරිසරයක පිහිටා ඇති මෙම හෝටලයේ ලී හා උණ බම්බු වලින් නිමවූ කාමර සියයක් පමණ අද වන විට ඇත්තේය. හෝටලය අවට පිහිටා ඇති ස්වාභාවික උණු වතුර උල්පත් ඇසුරෙන් පාරම්පරික ජපන් සංස්කෘතියේ පැරණිම ක‍්‍රම භාවිතා කරමින්  ඖෂධ හා ලෝහ වර්ග මුසු උණු වතුර සම්බාහනය ලබා ගත හැකී. වර්තමානයේදි විවිධ හැඩයට නිම කළ කාමර ඇති මෙහි එක් උණු වතුර සම්බාහනයක් සඳහා රුපියල් 18,000 සිට 90,000 දක්වා මිල ගනන් අය කැරෙයි.

ප‍්‍රංශයේ අග නගරය වන පැරීසියේ සිට කිලෝ මීටර 250 ක් උතුරු දිග ප‍්‍රංශයේ නන්ත් නගරයට නුදුරින් පිහටි ගෞව්ලාන් චැතෝ (ගෞව්ලාන් කාසල්) නොහොත් චැතෝ ඩෙ ගෞව්ලාන් ලෝකයේ පැරණිම තුන්වැනි ව්‍යාපාරය ලෙස නම් කර ඇති අතර එය යුරෝපා මහද්වීපයේ පැරණිම ව්‍යාපාරය ලෙස හැදින්වේ. එහි කාලය අවුරුදු දාහක් පමණවේ. මිදි වලින් එහි වයින් නිපද වෙයි.

Hoshi-Ryokan Hoshi-Ryokan-Hotel Hoshi-Ryokan-Hotel-01 Room