තම රටේ නිදහස් මාධ්‍යවේදියකු සිරියාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් අල්ලාගෙන රඳවා තබාගෙන ඇති බවට ලැබී ඇති තොරුතුරු සම්බන්ධව විමර්ශනය කරන බව ජපන් රජය පවසයි.
ජපානයේ නිදහස් මාධ්‍යවේදියකු වන ජුම්පෙයි යසූදා මෙලෙස සිරියාවේ සන්නද්ධ කල්ලියක් විසින් ප්‍රාණ ඇපකරුවකු ලෙස තබාගෙන ඇති බව ජපන් රජයට දැනුම් දි ඇත්තේ දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ නමැති ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානය විසිනි. එම සංවිධානය ජපන් රජයෙන් ඉල්ලා ඇත්තේ පසුගිය ජූලි මාසයේ සිට ප්‍රාණ ඇපකරුවකු ලෙස සිරියාවේ සන්නද්ධ කල්ලියකට කොටු වී සිටින යසූදා බේරාගැනීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
යසූදා වෙනුවෙන් කප්පම් ඉල්ලා සිටින එම කල්ලිය පවසා ඇත්තේ තමන්ට කප්පම් ලබා නොදෙන්නේ නම් යසූදා මරා දැමීම හෝ වෙනත් ආයුධ සන්නද්ධ කල්ලියකට විකුණා දැමීම කරන බවයි. ඔහු ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව ඇත්තේ අල් නුස්රා ෆ්‍රන්ට් මිලිටන්ස් නමැති සන්නද්ධ කල්ලියක පාලනය යටතේ පවතින ප්‍රදේශයක දී ය.
මෙම මාධ්‍යවේදියා සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් ලැබී ඇති තොරතුරු අධ්‍යයනය කරන බවත් තම රටේ පුරවැසියකු බේරා ගැනීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ජපන් රජය නිවේදනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යසුදා මහතා මීට පෙරත් 2004 දී ඉරාකයේදී ත්‍රස්ත අත්අඩංගුවෙන් මිදී පැන ආ දක්ෂ මාධ්‍යවේදියෙක්. මෙවරත් ඔහු එලෙසම දක්ෂ වේවි යයි අපි ප්‍රර්ථනා කරමු. (කෞ)