ජපානයේ කියුෂු දූපත්වලට ඇතිවූ රිච්ටර් මාපකයේ 6.2 ක අගයකින් යුත් භූකම්පනයක් හේතුවෙන් 9 දෙනකු මිය ගොස් 1000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

සහන කණ්ඩායම් කඩාවැටුණු ගොඩනැගිලිවලට යටවී සිටින පුද්ගලයන් බේරාගැනීමේ අපහසු ක්‍රියාවලියක නිරතව සිටින බව ජපාන ආපදා කළමනාකරණ බලධාරීහු කියති.

තුවාල ලැබූවන් අතර 50 දෙනකුගේ පමණ තත්ත්වය බරපතල බවද 44000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවත් ජපාන ආරංචි පවසයි.

භූකම්පනය හේතුවෙන් ගොඩනැගිලි 20කට පමණ දැඩි අලාභ හානි සිදුවී ඇතැයි කියති.

160415090320-01-japan-earthquake-0415-exlarge-169 japan_2016415