
රුසියානු අභ්‍යවකාශ ආයතනය සමග එක් වී, අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගිය ජපන් බිලියනපති 46 හැවිරිදි යුසාකු සහ ඔහුගේ සහායක යොසෝ හිරානෝ දින 12 කට පසු යළි පෘථිවියට පැමිණියහ.
මොවුන් දෙදෙනා අභ්‍යවකාශයට ගියේත් ආපසු පැමිණියේත් ‘සොයූස්‘ කැප්සියුලයක ආධාරයෙනි.
මොවුන් දෙදෙනා ‘සොයූස්‘ කැප්සියුලයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළට රැගෙන ගියේත් පසුව පෘථිවියට පැමිණීමට සහාය ලබා දුන්නේ රුසියන් ගගනගාමී ඇලෙක්සැන්ඩර් මිසුර්කින් මැදිහත් වෙමිනි.
මෙය රුසියානු අභ්‍යවකාශ ආයතනයේ මෙහෙයවීම යටතේ සිදු කළ පළමු පෞද්ගලික ගගන සංචාරයයි.
ඉදිරියේ දී ඇමෙරිකානු පෞද්ගලික ගගන සමාගම්වලට නොදෙවෙනි අයුරින් තමන් ද පෞද්ගලික ගගන සංචාර ආරම්භ කරන බව ද රුසියානු අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මහින්ද ලොක්කාගේ බාල පුතාටත් බැරිද දන්නේ නැහැ මෙහෙම ගගණ යානාවක් හදලා අපේ රටේ ධම්මික පෙරේරා, දිලිප් ජයවීර වගේ සල්ලි කාරයින් ටික අජටාකාශයට අරගෙන ගිහිං නැවත මේ පොළවට නොඑන්නම වැඩක් දෙන්න.
ඕක ඉතින් අපේ අයට තියෙන ලෙඩක්නේ... ඉරිසියාව.. රුසියාවටත් වැඩිය ලොකුයිනේ ඒක...
මෙයාලා තමයි රට ගොඩගන්නේ. කැසිනෝ කැප්ටන්ලා. සල්ලි හම්බ කරනවා කියලා ලෝකෙ තියෙන පාදඩ වැඩ ඔක්කෝම කරලා රට විනාශ කරලා හරියන්නේ නැහැ. අසූචි නැවට කලින් සුද්දන්ගේ අසූචි කන්ටේනර් පිටින ගෙනැවිත් මේ ලක් පොළවේ මිහිදන් කලේ මේ අය තමයි. අසූචි නොවෙයි ඊට එහා දේවලුත් ගෙනේවි සල්ලි හම්බ වෙනවා නම්... දැන් ඉතිං කළපව් වැඩවලින් මිදෙන්න දස අතේ පිංකම් කරලා වැඩක් නැහැ. සාදාචාරය වලපල්ලට දාලා හරි සල්ලි හම්බ කරන්න වුවමනාවක් නැහැ. මේ රටේ ඉන්න වැදගත් උගත්, වියතුන් එකතු කරගෙන අනාගත පරම්පරාවට හානිකර නොවෙන්න තමයි ව්‍යාපාරයක් වුණත් කළයුත්තේ. බලන්න පෙන්වන ටෙලිනාටක වලින් රටට වන හානිය. ජැක් පොට් තහනම් කලේ හොඳ නැති නිසා. ඒවායින් මුදල් උපයාගත්තේ කවුද කියලා හොඳට හොයලා බලන්න. බොද්ධයින් කිව්වට මොනතරම් අබෞද්ධ වැඩ කරනවාද? දේශපාලකයින්ටත් ඕන සල්ලිනේ... ලංකාවේ හොඳ සල්ලිකාර ව්‍යාපාරිකයන් හිටියා. උපාලි විජේවර්ධන, දාස මුදලාලි වගේ අය. ඒ මිනිස්සු රටට කිසිම හානියක් කලේ නැහැ. දේශීය කර්මාන්ත ගොඩනැගුවේ රටේ සංස්කෘතියට ගැලපෙන විදියට. ඒක විනාශ කරමින් උපයන ධනය සත පහකට වැඩක් නැහැ. කියන සිංහල දැන්වත් තේරෙනවද දන්නේ නැහැ...
ඉන්දික, අපේ ඔය කියන ලොකු ව්‍යාපාරිකයෝ කරන්නේ දේශපාලකයින් සමග එකතුවෙලා අපේ ජාතික ධනය සූරාකන එක.. ඔවුන් සියලු දෙනාම එකතුවෙලා, රට ගොඩනැගුවා නම් අද අපට මෙහෙම වේවිද?