
ජපන් අග්‍රාමාත්‍ය සනායේ ටකයිචි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. ඒ් කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ සලස්වමිනි.
ජපන් පාර්ලිමේන්තුව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ උත්තරීතර මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විතය.
ජපන් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, එළඹෙන සිකුරාදා ජපන් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස්වවීමෙන් පසු එය විසුරුවා හැරීම සිදුවනු ඇත.
ඉන්පසු පෙබරවාරි මස 8 වනදා හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට අග්‍රාමාත්‍යවරිය සැලසුම් කර ඇතැයි ද පවැවැසෙයි.
ජපන් අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයා හෝ නායිකාවටය. සනායේ ටකයිචි එරට පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස එම ධුරයට පත්වූයේ පාලක පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයෙනි.
ඒ පසුගිය 2025 ඔක්තෝබරයේය.
මහ මැතිවරණය පැවැත්වෙන්නේ ජපානයේ පාලක පක්ෂය වන ජපානයේ වර්තමාන පාලක පක්ෂය වන්නේ ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයට යළි ජනවරමක් අපේක්ෂාවෙනි.
මේ වනවිට ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය ඔවුන්ට හිතවත් ජපාන නවෝත්පාදන පක්ෂය සමග එක්වී සභාග රජයක් පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd