මධ්‍යම ජපානයේ ඔන්ටාකේ ගිනි කන්ද අද හදිසියේ පුපුරායාමෙන් පුද්ගලයන් හත් දෙනකු අතුරුදන්ව 32ක් තුවාල ලබා ඇතැයි ජපානයේ මාධ්‍ය ආයතන වර්තා කරයි. ටෝකියෝ නගරයේ සිට කිලෝ මීටර 250ක් පමණ බටහිරින් මේ ගිනි කන්ද පිහිටා ඇත.
ගිනිකන්ද පුපුරා යාමෙන් පිටවන අළුවලින් අඟල් 20ක් පමණ උසට පොළොව වැසී අති බව ගම්වාසීන් කියයි. පිපිරීම සිදුවන අවස්ථාවේ කඳු නගින්නන් 250ක් පමණ එම ප්‍රදේශයේ සිටි බව ද වාර්තා වෙයි. දිවි බේරාගැනීමට ඔවුන් පහළට දිව ගිය ද අළු හා පෙරළෙන ගල්වලින් බේරීමට නොහැකි වී ඇත.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය මේ ගිනි කන්ද පුපුරායන බවට කිසිදු පූර්ව දැනුම් දීමක් නිකුත්කැර තිබුණේ නැත. ආපදා සහන සේවා ඒකක පවසන්නේ කන්දේ පදිංචිව සිටින පවුල් 250ක් පමණ ඉවත් කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි.
ගිනි කන්ද අවසන් වරට පිපිරී ඇතතේ 2007 වර්ෂයේ දී ය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමෝන් කසුන්.....(දී)
ලෙඩකට තෙල් මතුරලා ගාන එක තමයි හොඳම බෙහෙත ඔය වස බොනවට වඩා (දී)
ඇයි ? බටුගෙදර ට ඕනේ ගල් යුගෙට යන්නද තක්ශනේ නැතුව. එහෙනම් ලෙඩක් වුනාම ඔය තෙල් මතුරගෙන ඉන්න. (දී)
මගේ කණගාටුව (දී)
මේ පිටුවේ යම් කිසි තාක්ෂණික පටලැවිල්ලක් ඇති බව මගේ හැගීමයි. (දී)
හදිසියේ කියුවේ දනුන්දිමකින් තොරව ද (දී)
තවම ස්වභාව ධර්මයා කවුද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. දැනගන්නෙත් නැහැ. දැනගන්නත් බැහැ. විද්‍යාව කියන්නේ අද දිනලා හෙට පරදින න්‍යායකට වුණත් ස්වභාව ධර්මය එහෙම නැහැ. කවදාවත් පැරදිලා නැහැ.පරද්දන්නත් බැහැ (නි)
සොබාදහම නවත්තන්න කාටවත් බැහැ (දී)
තාක්ෂණ සරණ පතන කට්ටියට හොඳ පාඩමක් (දී)
පරිසරය අයිති ස්වභාවධර්මයට (දී)
ළමයි නැති උදවියටත් ඔය තෙල්මතුරලා ගාල එහෙම කට්ටි පැන පැන ඉන්න හාදයෝ කීප දෙනෙක්ම පොලිසියෙන් ඇල්ලුවා ළගදි. මෝඩ කම නිසා තමයි ඔය වගේ හොරුන්ට මිනිස්සු අහුවෙන්නේ. හෘදයාබාදයක් හැදුනත්, තෙල් ටිකක් මතුරලා ගැවනම් ලෙඩත් එක්කම ලෙඩෙත් කම්මුතුයි. ආයේ වස විස බොන්න ඕනේ නෑ. (දී)
හදිස්සියේ කියුවේ (දී)