ජපානයේ උත්සුනොමියාහි උද්‍යානයක සිදුවූ පිපිරීම් කිහිපයක් හේතුවෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.සුළු කාලයක් තුල පිපිරීම් තුනක් ද විනාඩි පහළොවකට පසු තවත් පිපිරීමක් ද වාර්තා වූ බව බලධාරීහු කියති.පිපිරීමත් සමග ඇතිවූ ගින්න හේතුවෙන් ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදුවිය.
පිපිරීමත් සමග මෝටර් රථ දෙකක්ද ගිනිගෙන ඇත.පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එක් මෝටර් රථයක තිබී දිවිනසා ගන්නා බව කියමින් ලියු ලිපියක් සොයාගෙන තිබේ.එම මෝටර් රථයේ හිමිකරු(72) ආරක්ෂක අංශයේ සේවය කළ අයෙකු වන අතර පිපිරීමට පෙර ඔහුගේ නිවස ද ගින්නකින් විනාශ වී ඇති බව බලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd