IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජපන් අධිරාජ්‍යයා ධූරය හැරයාමේ සූදානමක්

ජපන් අධිරාජ්‍යයා වන අකිහිතෝ සිය බලය අතහැරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා පවසයි.

එළැඹෙන වසර කිහිපය ඇතුළත තමා ඉවත්වන බවත් ඔහු කියා ඇත.

82 වැනි වියේ පසුවන අකිහිතෝ අධිරාජ්‍යයා පසුගිය වසර කිහිපයේ දී අසනීප තත්ත්වයෙන් පසුවිය. 

ඔටුන්න හිමි නරුහිටෝ කුමරු (56) මීළඟ අධිරාජ්‍යයා ලෙස පත්වීමට නියමිතය. ජපන් අධිරාජ්‍යයාට ඉල්ලා අස්විය හැකි පරිදි ජපාන අධිරාජ්‍ය නිවසේ නීති වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවද එරට මාධ්‍ය වාර්තා කියයි.



අදහස් (0)

ජපන් අධිරාජ්‍යයා ධූරය හැරයාමේ සූදානමක්

නුවරඑළියේ වසන්ත Thursday, 14 July 2016 07:27 AM

ලංකාවේ වෙන දේවල් දැකලා අකිහිතෝ අධිරාජ්‍යා කලකිරිලා කියලා ආරංචි. ඒකයි බලය ඇත හැරලා යන්න තීරණය කරලා තියෙන්නේ.(ම)

:       0       0

ගුණේ Thursday, 14 July 2016 07:28 AM

සක්විති රජකමුත් දිනක අත හරින්න වෙනවා, අධිරජකම් ගැන කුමන කතාවක්ද . (ම)

:       0       0

දිසා Thursday, 14 July 2016 10:47 PM

හිටපු ජනාධිපතිතුමා ජපානයට ඇවිල්ලා ගියාට පස්සේ නේද ඕක වුණේ? (නි)

:       0       0

ලලිත් Saturday, 16 July 2016 05:34 PM

බලන්න එහෙයි මෙහෙයි වැඩි වෙනසක් නැති හැටි. අපේ අධිරාජයාත් කලින් ගියා. එහෙ අධිරාජයාත් කලින් යන්න හදනවා. (නි)

:       0       0

ටෙරන්ස් Thursday, 14 July 2016 09:50 AM

ජපානයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

හේමන්ත Thursday, 14 July 2016 10:41 AM

අධිරාජ්‍යයා ගැනවත් ඔහු තම රටට කළ දේවල් ගැනවත් නොදන්නා පිරිසක් ජපානෙත් තවම ඉන්නවා. එනිසා මේ අදහස් ගැන වඩා හිතන්න එපා (නි)

:       0       0

ටිකිරි Friday, 15 July 2016 12:17 PM

දැන් මේ ප්‍රවෘත්තිය අපේ අය එහෙම දැක්කොත් මොනවා කරයිද මන්දා? (නි)

:       0       0

රවීන් Thursday, 14 July 2016 05:40 AM

ජපානෙට ලංකාව ගැන හොඳ දැනුමක් තියනවා. මොකද දන්නවද අපේ රටේ අය තව තව බලය බදාගන්න හදනකොට එහෙ අය බලය බෙදන හැටි ලෝකයටම කියලා දෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 587 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2280 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1707 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site