ජපන් අධිරාජ්‍යයා වන අකිහිතෝ සිය බලය අතහැරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා පවසයි.
එළැඹෙන වසර කිහිපය ඇතුළත තමා ඉවත්වන බවත් ඔහු කියා ඇත.
82 වැනි වියේ පසුවන අකිහිතෝ අධිරාජ්‍යයා පසුගිය වසර කිහිපයේ දී අසනීප තත්ත්වයෙන් පසුවිය.
ඔටුන්න හිමි නරුහිටෝ කුමරු (56) මීළඟ අධිරාජ්‍යයා ලෙස පත්වීමට නියමිතය. ජපන් අධිරාජ්‍යයාට ඉල්ලා අස්විය හැකි පරිදි ජපාන අධිරාජ්‍ය නිවසේ නීති වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවද එරට මාධ්‍ය වාර්තා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වෙන දේවල් දැකලා අකිහිතෝ අධිරාජ්‍යා කලකිරිලා කියලා ආරංචි. ඒකයි බලය ඇත හැරලා යන්න තීරණය කරලා තියෙන්නේ.(ම)
සක්විති රජකමුත් දිනක අත හරින්න වෙනවා, අධිරජකම් ගැන කුමන කතාවක්ද . (ම)
හිටපු ජනාධිපතිතුමා ජපානයට ඇවිල්ලා ගියාට පස්සේ නේද ඕක වුණේ? (නි)
බලන්න එහෙයි මෙහෙයි වැඩි වෙනසක් නැති හැටි. අපේ අධිරාජයාත් කලින් ගියා. එහෙ අධිරාජයාත් කලින් යන්න හදනවා. (නි)
ජපානයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
අධිරාජ්‍යයා ගැනවත් ඔහු තම රටට කළ දේවල් ගැනවත් නොදන්නා පිරිසක් ජපානෙත් තවම ඉන්නවා. එනිසා මේ අදහස් ගැන වඩා හිතන්න එපා (නි)
දැන් මේ ප්‍රවෘත්තිය අපේ අය එහෙම දැක්කොත් මොනවා කරයිද මන්දා? (නි)
ජපානෙට ලංකාව ගැන හොඳ දැනුමක් තියනවා. මොකද දන්නවද අපේ රටේ අය තව තව බලය බදාගන්න හදනකොට එහෙ අය බලය බෙදන හැටි ලෝකයටම කියලා දෙනවා. (නි)