ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ පසුගිය ජූලි මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුගේ පක්ෂය ලැබූ ඓතිහාසික පරාජයට ඔහු වගකිව යුතු බවට චෝදනා එල්ල වීම නිසාය.

තම පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය තුළ බෙදීමක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින්, තමන් මෙසේ ඉල්ලා අස්වන බව ෂිගේරු ඉෂිබා අවධාරණය කර ඇත.

(බීබීසී)