ජපානයේ අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා අද (16) ඇමෙරිකා එක්සත් ජනපදයට ළඟා විය.
ඒ අනුව ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එරට සංචාරය කළ පළමු විදේශීය නායකයා වන්නේ ජපාන අග්‍රාමාත්‍යවරයා ය.
වර්ධනය වෙමින් තිබෙන චීන බලපෑමට ප්‍රතිචාර දැක්වීමට ඇමෙරිකාව සූදානම් වෙමින් සිටින අතර චීන බලපෑම මර්දනය කිරීමේ ඇමෙරිකානු උපායමාර්ගයේ ප්‍රධාන කාර්යභාරයක් ජපානයට පැවරී ඇතැයි ආරංචි මාර්ගවලින් කියැවේ.
ජපාන අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය එක්දින සමුළුවට සීමා වන නමුත් මෙම සංචාරයේ ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ඇමෙරිකානු ජනාධිපතිවරයා චීන බලපෑම පාලනය කළ හැකි අංශ රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය.
ඊට අමතරව චීනයේ හුවායි සමාගමේ 5ජී (5G) තාක්ෂණයට විකල්පයක් ගොඩනැංවීම සඳහා ජපානය ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කටයුතු කිරීමට සූදානම් වන අතර ඒ වෙනුවෙන් වෙන් කර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකි.
චීනයේ මානව හිමිකම් විශේෂයෙන්ම හොංකොං සහ ෂිංජියැන් සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජපාන අගමැති සුගා අතර සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි ද පැවසේ.
නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවලින් පසු ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කිරීමට නියමිත ය.
එසේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ හොත් 1969 වසරෙන් පසු ඇමෙරිකා සහ ජපන් නායකයන් තායිවානය සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන පළමු අවස්ථාව එය වනු ඇත.
රොයිටර්
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපන් අගමැති ඇමෙරිකා යයි