ඉන්දියාවේ රිය අනතුරකින් වෛද්‍ය සිසුහු හත් දෙනෙක් මියගියහ. අනතුර සිදුවූයේ ඔවුන් ගමන් එස්.යූ.වී රථය පාලමකින් පෙරැළීමෙනි.

අනතුරින් මියගියේ, සවන්ගි වර්ධා ප්‍රදේශයේ ජවහර්ලාල් නේරු වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පිරිසකි.

ඔවුන් පසුගිය 24 රාත්‍රියේ 11 ත් 12 ත් අතර නාග්පුර් සිට යවත්මල්  දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ, භදාදි ගංගාව තරණය කිරීමට ඇති පාලමෙන් ගමන් කරද්දී, ඔවුන්ගේ එස්.යූ.වී ජිප් රථය අඩි 40 ක් පහළට පෙරැළී ඇත.

අධික වේගය නිසා ජිප් රථය පාලනය කර ගැනීමට නොහැකි වී, එය පාලමේ ආරක්ෂක බැම්ම කඩාගෙන පහළට විසිවී ගොස් ඇතැයි පොලිසිය පවසයි.

ජිප් රථයේ සිටි පිරිසෙන් හය දෙනකු එළියට විසිවී ඇති බැවින්, ජිප් රථය පැදවූයේ කවුරුන්දැයි පැහැදිලි නොමැති බව ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

(විමුක්ති එස් රුද්රිගු)