පසුගියදා   සිංහල  සහ  හින්දු   අලුත්   අවුරුද්ද  වෙනුවෙන්   සුභ  පැතුම්   පණිවිඩයකින්   බ්‍රිතාන්‍යයේ   කම්කරු   පක්ෂ  නායක  එඩ්වර්ඩ්   මිලිබෑන්ඩ්   දෙමළ  ප්‍රජාවට     පමණක්   සුබ පැතීම  පිළිබඳව එංගලන්තයේ  වෙසෙන  සිංහල  පිරිස්   සිය  විරෝධය  පල කිරිමේ   පසුබිමක්  පවතිද්දි   ලන්ඩන්   නුවර   හවුන්ස්ලෝ   ශ්‍රි   ලංකා   ජනහඬ   පදනමේ   සභාපති   ශ්‍රි   ලාල්   ඩයස් ,  උප  සභාපති   ශිරාන්   අල්මේදා , සුර්යා   සමරවීර   සහ  ලරිෂා   ඩයස්   ඩේවිඩ්  මිලිබැන්ඩ්  සහ කම්කරු   පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීනි සීමා   මල්හෝත්‍රා   මුණගැසි   ඒ   සම්බන්ධ කරුණු   පහදාදී   සිදු වු   අතපසුවිම නිවැරදි    කිරිමට   ඔවුන්   කැමති   කරවාගෙන  ඇත.

මෙම හමුවේදි   බ්‍රිතාන්‍යයේ   ඡන්දය හිමි   සිංහල , මුස්ලිම් , බර්ගර් , සහ  මැලේ   යන ජනකොට්ඨාසයන්ට අයත්   පිරිස් ද  විශාල   සංඛ්‍යාවක්   ජිවත් වන  බවත්   ඔවුන්ගේ   කැමැත්ත  දිනාගැනිමද  කම්කරු   පක්ෂයේ   ජයග්‍රහණය උදෙසා  වැදගත්   වන  බවත්  පැහැදිලි  කර දි  ඇත. ශ්‍රි  ලංකාව  පිළිබඳව මීට  වඩා   පුළුල්ව  සිතාබලා  කටයුතු   කිරිමද සාධාරණ  බව  ඔවුන්  පෙන්වා   දි ඇත.

1 2 3