හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම පසුගිය දස වසරක් පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික, ආගමික, සංස්කෘතික සහ සමාජ සුභසාධක වැඩකටයුතු ඇගැයීමේ උත්සවයක් පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්දිරයේදී පැවැත්විණි.
මේ දීර්ඝ කාලය තුල ජනහඬ පදනම එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ජාති හෝ ආගම් භේදයකින් තොරව එකමුතු කරමින් ආගමික හා සංස්කෘතික වැඩසටහන් සංවිධානය කරන අතර එරට ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන නීතිමය ගැටළු සහ වෙනත් හදිසි අවස්ථාවලදී මැදිහත්වී ඒ සඳහා උදව් උපකාර කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරයි.
හවුන්ස්ලෝ ලංකා ජනහඬ පදනම බ්‍රිතාන්‍යයේ ප්‍රාදේශීය සහ ජාතික දේශපාලඥයින් සමඟ ඉතා සමීපව සහ සුහදව කටයුතු කිරීම කැපී පෙනෙන ලක්ෂණයකි. ජනහඬ පදනම එක්සත් රාජධානියේ කෙරෙන සත්කාරක වැඩසටහන් පිළිබඳව එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකුම නිරන්තරයෙන් තම දායකත්වය ලබා දී පැසසුම් කරන අතර ඉඩ ලැබෙන පරිදි එම වැඩසටහන් සඳහා සහභාගී වීමටද අමතක නොකරයි.
ජනහඬ පදනමට වසර දහයක් පිරීම සැමරීම සහ එම කාලය තුල සිදුකර ඇති ජනතා මෙහෙවර අගයනු පිණිස පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය තුලදී ඔවුන් වෙනුවෙන් උපහාර පිදීමක් සංවිධානය කර තිබිණි.
මෙය සංවිධානය කළේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනෙකු වන රුත් කැඩ්බරි සහ ශීමා මල්හෝත්‍රා විසිනි.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමි, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ප්‍රධාන සංඝ නායක බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරාධිපති කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි, ජන හඬ පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස්, ජනහඬ පදනමේ ක්‍රියාකාරීහු සහ වෙනත් සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.
පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස් ප්‍රකාශ කළේ ජනහඬ පදනම එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වඩා යහපත් කිරීමට මනා පදනමක් දැමූ බවයි. ඉදිරියේදී තව තවත් සමාජ සත්කාරක සේවාවන් ඔස්සේ ජනතා සේවයට කැපවන බව ද ඔහු පැවසුවේය.
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනහඬ පදනම බ්‍රිතාන්‍ය මැතිසබේත් හඬදෙයි
චාමර ලන්ඩන් Saturday, 24 October 2015 12:08 PM
අපේ අයට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කිව්වහම ඊට වැඩි දෙයක් නැහැනේ? නොඑන අයත් එනවා. කොහේ ජීවත් උනත් මානසිකත්වය තවම වෙනස්වෙලා නැහැ. (රේ)
ස්මිත් Friday, 23 October 2015 08:48 AM
කොයි පදනමද? (බ)
සාමා මොර්ඩන් Tuesday, 27 October 2015 04:49 PM
මමත් මෙය අද වෙනතුරු දැන සිටියේ නැහැ , මම ජිවත් වන්නේත් ඔය නගරය කිට්ටුව , මේවා කොහොම පටන් ගත්තද කොහේ කට්ටියද ඉන්නේ කියා දන්නෙත් නෑ.....(රේ)
කපිල Friday, 23 October 2015 07:38 PM
තව තවත් සාර්ථක වේවා! (නි)
නිවන්තක Friday, 23 October 2015 07:39 PM
බොහොම හොඳයි (නි)
සිසිර ගුණවර්ධන කින්ස්බරි Monday, 26 October 2015 02:55 PM
පසුගිය කාලේ තිබුණු ප්‍රශ්න දැන් විසඳාගෙන ඇතැයි අපි සිතනවා. (නි)
මනෝජ් Monday, 26 October 2015 02:59 PM
සමහරුන්ගේ වැඩ ටික වුණාට ප්‍රචාරය නම් ගොඩයි (නි)
සුදත් සෙනවිරත්න Tuesday, 27 October 2015 08:47 AM
දන්නෝ දනිති. (නි)
තමර Saturday, 24 October 2015 07:40 PM
සුබ පැතුම් ඔබට! (නි)
සරත් ලන්ඩන් Friday, 23 October 2015 11:36 AM
මෙහෙම සමිතියක් මගේ අවුරුදු 15 කාලෙකට ලන්ඩනයේ තියෙනවා කියල අහලම නැහැ. ලන්ඩන් වල හවුන්ස්ලෝ කියන්නේ පොඩි ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයට පමණක් සීමා වූ සමිතියක් නිසා වෙන්න ඕනේ. (ම)
අයිරා Friday, 23 October 2015 11:38 AM
ලාංකිකයින්ට වැඩ කරලා දෙන්න සල්ලිත් ගන්නවා නේද? (ම)
චාමර Wednesday, 28 October 2015 09:20 AM
අපි නොදන්නා ජනහඬ. කාටද මේවා කියන්නේ? (බ)
සිරි Tuesday, 27 October 2015 12:09 PM
"නමද ගමද වයස එක්ක පින්තූරේ විස්තරේ, පත්තරේක වැටෙනකල් අනේ... රෑට නින්ද යන්නේ නෑ අනේ..... " (නි)