හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම පසුගිය දස වසරක් පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික, ආගමික, සංස්කෘතික සහ සමාජ සුභසාධක වැඩකටයුතු ඇගැයීමේ උත්සවයක් පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්දිරයේදී පැවැත්විණි.
මේ දීර්ඝ කාලය තුල ජනහඬ පදනම එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ජාති හෝ ආගම් භේදයකින් තොරව එකමුතු කරමින් ආගමික හා සංස්කෘතික වැඩසටහන් සංවිධානය කරන අතර එරට ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන නීතිමය ගැටළු සහ වෙනත් හදිසි අවස්ථාවලදී මැදිහත්වී ඒ සඳහා උදව් උපකාර කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරයි.
හවුන්ස්ලෝ ලංකා ජනහඬ පදනම බ්‍රිතාන්‍යයේ ප්‍රාදේශීය සහ ජාතික දේශපාලඥයින් සමඟ ඉතා සමීපව සහ සුහදව කටයුතු කිරීම කැපී පෙනෙන ලක්ෂණයකි. ජනහඬ පදනම එක්සත් රාජධානියේ කෙරෙන සත්කාරක වැඩසටහන් පිළිබඳව එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකුම නිරන්තරයෙන් තම දායකත්වය ලබා දී පැසසුම් කරන අතර ඉඩ ලැබෙන පරිදි එම වැඩසටහන් සඳහා සහභාගී වීමටද අමතක නොකරයි.
ජනහඬ පදනමට වසර දහයක් පිරීම සැමරීම සහ එම කාලය තුල සිදුකර ඇති ජනතා මෙහෙවර අගයනු පිණිස පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය තුලදී ඔවුන් වෙනුවෙන් උපහාර පිදීමක් සංවිධානය කර තිබිණි.
මෙය සංවිධානය කළේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනෙකු වන රුත් කැඩ්බරි සහ ශීමා මල්හෝත්‍රා විසිනි.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමි, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ප්‍රධාන සංඝ නායක බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරාධිපති කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි, ජන හඬ පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස්, ජනහඬ පදනමේ ක්‍රියාකාරීහු සහ වෙනත් සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.
පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස් ප්‍රකාශ කළේ ජනහඬ පදනම එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වඩා යහපත් කිරීමට මනා පදනමක් දැමූ බවයි. ඉදිරියේදී තව තවත් සමාජ සත්කාරක සේවාවන් ඔස්සේ ජනතා සේවයට කැපවන බව ද ඔහු පැවසුවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කිව්වහම ඊට වැඩි දෙයක් නැහැනේ? නොඑන අයත් එනවා. කොහේ ජීවත් උනත් මානසිකත්වය තවම වෙනස්වෙලා නැහැ. (රේ)
කොයි පදනමද? (බ)
මමත් මෙය අද වෙනතුරු දැන සිටියේ නැහැ , මම ජිවත් වන්නේත් ඔය නගරය කිට්ටුව , මේවා කොහොම පටන් ගත්තද කොහේ කට්ටියද ඉන්නේ කියා දන්නෙත් නෑ.....(රේ)
තව තවත් සාර්ථක වේවා! (නි)
බොහොම හොඳයි (නි)
පසුගිය කාලේ තිබුණු ප්‍රශ්න දැන් විසඳාගෙන ඇතැයි අපි සිතනවා. (නි)
සමහරුන්ගේ වැඩ ටික වුණාට ප්‍රචාරය නම් ගොඩයි (නි)
දන්නෝ දනිති. (නි)
සුබ පැතුම් ඔබට! (නි)
මෙහෙම සමිතියක් මගේ අවුරුදු 15 කාලෙකට ලන්ඩනයේ තියෙනවා කියල අහලම නැහැ. ලන්ඩන් වල හවුන්ස්ලෝ කියන්නේ පොඩි ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයට පමණක් සීමා වූ සමිතියක් නිසා වෙන්න ඕනේ. (ම)
ලාංකිකයින්ට වැඩ කරලා දෙන්න සල්ලිත් ගන්නවා නේද? (ම)
අපි නොදන්නා ජනහඬ. කාටද මේවා කියන්නේ? (බ)
"නමද ගමද වයස එක්ක පින්තූරේ විස්තරේ, පත්තරේක වැටෙනකල් අනේ... රෑට නින්ද යන්නේ නෑ අනේ..... " (නි)