
රුසියන් යුක්රේන යුද්ධයේ දී, අවි ආයුධ සහ මූල්‍ය සහාය ලබා දෙමින් බ්‍රිතාන්‍යය යුක්රේනයට සහාය දැක්වීමට තීරණය කළ අවස්ථාවේදී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ට දුරකතන ඇමතුමක් දී මරණ තර්ජන එල්ල කළ බව බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.
මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් පුටින් තමන් විනාශ කරනවායැයි තර්ජනය කළ බව හිටපු අග්‍රාමාත්‍ය ජොන්සන් පවසා තිබේ. ජොන්සන් මේ බව පවසා ඇත්තේ බීබීසී නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් කරන එම චෝදනා සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෝ රුසියන් රජය හෝ කිසිවක් පවසා නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd