IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


’ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතත් නවත්වයි

'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම තාවකාලිකව නැවැත්වීමට ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තීරණය කර තිබේ.

ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය මෙසේ තීරණය කළේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා' එන්නත හා සමානව 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත ලබා ගත් කිහිප දෙනකුගේ රුධිරය කැටි ගැසී ඇති බැවිනි.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා ගැනීමෙන් පසු ඇමෙරිකානුවන් 6 දෙනකුගේ රුධිර කැටි ගැසී ඇති බවත්, එම 6 දෙනා රෝහල්ගතව ප්‍රත්කාර ලබා ගන්නා බවත් පැවැසෙයි.


රුධිරය කැටි ගැසීමෙන් මරණ කිසිවක් සිදු වී නැත. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත මිලියන 6.8 ක් ඇමෙරිකානුවන්ට ලබා දී ඇති බවත්, රුධිර කැටි ඇති වී රෝගී වූයේ 6 දෙනකු පමණක් බවත් ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය වැඩිදුරටත් පැහැදිලි කරයි.

'මිලියන 6.8 කට එන්නත් දී 6 දෙනකු රෝගී වුවත් ඒ ගැන අප සැලකිලිමත් වෙන්න ඕනෑ. එන්නත ලබා දීම තාවකාලිකව නවත්වනවා. පුළුල් අධ්‍යයනයකින් පසු යළි එන්නත්කරණ කටයුතු ආරම්භ කරනවා' යැයි ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ඇමෙරිකානුවන්ට එරට නිපදවූ එන්නත් 3 ක් ලබා දෙයි. 'ෆයිසර්', 'මොඩර්නා' සහ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' යනු එම එන්නත් 3 ය.

'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' ඇමෙරිකන් එන්නතක් වන අතර, මෙම එන්නතේ ඇති විශේෂත්වය වන්නේ මෙය එක් මාත්‍රාවකින් පමණක් සමන්විත වීමය.

එන්නත හදිසි තත්ත්වයක් සේ සලකා ඇමෙරිකානුවන්ට ලබා දෙන්නැයි අනුමැතිය දුන්නේ ද ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියයි.

(රොයිටර්)



අදහස් (0)

’ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතත් නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site