ගෞතම බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ අටවිසි බුදුරජාණන් වහන්සේලාට උපහාර පිදෙන අටවිසි බුද්ධ පූජා පිංකමක් සැප්තැම්බර් මස 26 වැනි සෙනසුරාදා සවස 4 ට ජිනීවා බෞද්ධ විහාර පරිශ්‍රයේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

මෙම බුද්ධ පුජාමය පිංකම මෙහෙයවනු ලබන්නේ ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක හා පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන් විසිනි.

මෙම අවස්ථාවට අටවිසි බුදුරජාණන්වහන්සේලාගේ ප්‍රතිමාවන් වැඩම කරනු ලබයි.

ස්විට්සර්ලන්තයේ ඉතා කලාතුරකින් පැවැත්වෙන මෙම පූජනීය අවස්ථාවට සහභාගීවන ලෙස සියලු දෙනාටම කාරුණිකව ආරාධනා කරන බවත් ජිනීවා බෞද්ධ විහාරාධිපති තවලම ධම්මික හිමියෝ පැවසුහ.