IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ජෙනරාල් සුලෙයිමානීට අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක් අහ්වාස් නගරයට

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ජෙනරාල් කසීම් සුලෙයිමානීට අවසන් ගෞරව දැක්වීම සඳහා එරට අහ්වාස් නගරයට අද (5) දහස් ගණනක් රැස්වූහ.

නිරිත දිග ඉරානයේ පිහිටි නගරයක් වන අහ්වාස් වෙත අද (5) අලුයම සුලෙයිමානීගේ සිරුර රැගෙන පැමිණි අතර රැස්ව සිටි පිරිස් “අමෙරිකාවට මරණය” යනුවෙන් හඬ නැඟුවේ යැයි එරට අර්ධ රාජ්‍ය පුවත් සේවයක් වන අයි.එස්.එන්.ඒ. පුවත් සේවය වාර්තා කර තිබිණි.

අහ්වාස් නගරයේ වීදි ඇතුළු ඉරානයේ වීදි රැසක් ජනතාවගෙන් පිරී ඉතිරි ගිය අතර ඔවුහු ෂියා ආගමික පාඨ කියමින් පාගමනේ යෙදුණාහ. ඔවුන් අතර සුලෙයිමානීගේ දැවැන්ත ඡායාරූප ද විය. 1980-1988 කාලයේ පැවැති ඉරාන ඉරාක යුද්ධයේ වීරයකු ලෙස හැඳින්වෙන සුලෙයිමානී ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස හැඳින්විණි. හෙතෙම ඉරානයේ විප්ලව හමුදා බළකායේ විදෙස් අංශය වන ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානියා විය. ඉරානයේ මැද පෙරදිග යුද මෙහෙයුම්වල මහ මොළකරු වූයේ ද ඔහුය.

ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදාගනිමින් බැග්ඩෑඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල කළ ප්‍රහාරයකින් සුලෙයිමානී මරුමුවට පත්විය. මිය යනවිට ඔහු 62 වියේ පසුවිය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදි එම ප්‍රහාරය එල්ල කර තිබිණි. සුලෙයිමානී ඉරානයේ සිටින ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සහ බැග්ඩෑඞ් නුවර සිටින ඇමෙරිකානු සෙබළුන් 5,200කට ප්‍රහාර එල්ල කිරීමට සැලැසුම් කරමින් සිටි බව ද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කීය.

ඒ.එෆ්.පී.

055

 

 



අදහස් (0)

ජෙනරාල් සුලෙයිමානීට අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක් අහ්වාස් නගරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site