ඇමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානීගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමේනී ඉතා හැඟීම්බර වූ බවත් කඳුළු සැළු බවත් වාර්තා වේ.
ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදාගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්විය.
හෙතෙම ඉරානයේ විප්ලව ආරක්ෂක බළකායේ විදෙස් මෙහෙයුම් අංශය වන ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානියේ වශයෙන් කටයුතු කළේය.
ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ ඔහුගේ සිරුර ඉරිදා (5) අලුයම ඉරානයට රැගෙන ආ අතර අද (6) ඉරානයේ තෙහ්රාන් නුවරට රැගෙන ආවේය.
බොහෝ දෙනකුට අවසන් ගෞරව කිරීමට ඉඩ සැලසීම සඳහා ජෙනරාල් සුලෙයිමානීගේ සිරුර තෙහ්රාන් සරසවියේ තබා තිබිණි.
ඒ.එෆ්.පී.
055

2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජෙනරාල් සුලෙයිමානීගේ දේහයට ඉරානයේ උත්තරීතර නායකයා අවසන් ගෞරව දක්වයි