ඇමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානීගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමේනී ඉතා හැඟීම්බර වූ බවත් කඳුළු සැළු බවත් වාර්තා වේ.
ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදාගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්විය.
හෙතෙම ඉරානයේ විප්ලව ආරක්ෂක බළකායේ විදෙස් මෙහෙයුම් අංශය වන ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානියේ වශයෙන් කටයුතු කළේය.
ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ ඔහුගේ සිරුර ඉරිදා (5) අලුයම ඉරානයට රැගෙන ආ අතර අද (6) ඉරානයේ තෙහ්රාන් නුවරට රැගෙන ආවේය.
බොහෝ දෙනකුට අවසන් ගෞරව කිරීමට ඉඩ සැලසීම සඳහා ජෙනරාල් සුලෙයිමානීගේ සිරුර තෙහ්රාන් සරසවියේ තබා තිබිණි.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd