සේවයේ සිටියදී ඩොලර් කෝටි 31( රුපියල් කෝටි 4092) ක වංචා කළේ යැයි හිටපු චීන ලූතිනන් ජෙනරාල් වරයෙකුට චෝදනා නැගී තිබේ.
ගු ජුන්ෂාන් නම් වන මෙම ලූතිනන් ජනරාල්වරයා අවි ගනුදෙනු,අයථා ලෙස පත්කිරීම්,ආරක්ෂක අංශ වෙත වෙන්කෙරෙන මුදල් ගසා කෑම්, ආදියෙන් මෙම මුදල් ප්‍රමාණය උපයාගෙන ඇතැයි කියැවේ.ඔහු මේ වන විට නීතිය හමුවට කැදවා සිටී.
තමන්ට කිසියම් පුද්ගලයෙකු මුදලට ගැනීමට අවශ්‍යවූයේ නම් එම පුද්ගලයාට රන් කුට්ටි පිරැවූ මර්සිඩිස් බෙන්ස් රථයක් පිළිගැන්වීම මෙම ලූතිනන් ජනරාල්වරයාගේ පුරුද්ද බව පැවසේ.
ඔහු තම වංචා කටයුතු සිදුකරගෙන ගොස් ඇත්තේ තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියෙකුගේ ආධාර ඇතිව බවද අනාවරණයව තිබේ.චීන හමුදාවේ මධ්‍යම ආරක්ෂක කොමිසමේ හිටපු ප්‍රධානියෙකු වන මේ නිළධාරියාද මේ වන විට සිටින්නේ අත්අඩංගුවේය.
ගු ජුන්ෂාන් හට කවර දඩුවමක් ලබාදිය යුතුදැයි තීන්දුව ලබාදීමට නියමිත මේ සමයේ ඔහු පිළිඹද තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතී.මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු මුදල් නොව රත්‍රන් කුට්ටි ප්‍රිය කළ අයෙකි.එනිසා ඔහු ලවා කිසියම් කටයුත්තක් කරවා ගැනීමට පැමිණෙන පුද්ගලයෙකු ඔහුට සන්තෝෂම් ලෙස දිය යුතුව තිබී ඇත්තේ රත්‍රන් කුට්ටියකි.
මේ මහා වංචාකරුවන් දෙදෙනාම නීතියේ දැලට හසුව ඇත්තේ චීන ජනපති ෂි ජන්ග්පින්ග් රජයේ දුෂණ මර්දනය කිරීමට දියත් කළ වැඩසටහනකිනි.
එම වැඩසටහන ආරම්භ කිරීමේදී චීනයේ වඩාත්ම දූෂණ කටයුතු සිදුවන්නේ ආරක්ෂක අංශ හා සම්බන්ධ කටයුතු වලදී බව ඔහු පැවසීය.
එරට අයවැයෙන් ආරක්ෂක අංශ සදහා වසරකට ඩොලර් බිලියන 190 ක් පමණ වෙන්කෙරේ.
2025 නොවැම්බර් මස 04
423
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2194
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1658
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනරාල් අලි වංචාවක්
සමන්ති Thursday, 11 December 2014 12:03 AM
කාටද ආඩම්බර! (නි)
මොහොමඩ් ඛාන් Thursday, 11 December 2014 08:36 PM
දකුණු ආසියාවේ රටවල ගහන ගැහිලි වලට සාපේක්ෂව, මේවා මොන ගැහිලිද ? (අ)
සමන්ජය Wednesday, 10 December 2014 03:53 PM
මම ඉන්න රටෙත් තියෙනවා දුෂණ මර්දන බල ඇණියක්.ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවෙනවා.(හේ)