ඉන්දියාවේ ජනරජ දිනය අද (26) යෙදී ඇති අතර ඒ සඳහා නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂක බලකොටුවක ආකාරයෙන් සෙබළුන්ගෙන් සමන්විත ආරක්ෂක වළළු යොදා දිල්ලි නගරයේ ආරක්ෂාව වැඩි කර තිබෙන අතර ප්‍රධාන මර්මස්ථානවල ගුවන් යානා නාශක අවි රැගත් සෙබළු යොදවා ඇතැයිද ඉන්දීය වාර්තා පවසයි.

ඉන්දියාවට පැමිණි ප්‍රංශ ජනපති ප්‍රංශුවා හොලන්දේ මෙවර 67 වැනි ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයාය. රාජ්පත්හිදී ආචාර පෙළපාළිය පිළිගැනීමට ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජි හා අගමැති නරේන්ද්‍ර මෝදි එක්ව සිටිති.

ඉන්දීය යුද ශක්තිය විදහා දැක්වෙන ආචාර පෙළපාළිය ආකර්ශනීය සංස්කෘතිකාංග සමග එක්ව රාජ්පත්හි අද පැවැත්විණි.

india26_Jan_2711257p

Ai8sJddjWhc9nlC_qk_20161262711205a Akash_27120161261228a camel_27112322016126a dance_republic_22016126711243a Siddi_27112332016126a

holllande_modi_20161262711227a

Rajasthan_27120161261234a stunt_27112201612651a