ජනප්‍රිය ගායිකාවක වූ ක්‍රිස්ටිනා ග්‍රිමී (22) ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔලැන්ඩෝ හි සංගීත සංදර්ශනයකදී වෙඩි තබා මරා දමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
ඇය සංදර්ශනය නිමවී සිය රසිකයන්ගේ සමරු පොත්වල අත්සන් තැබීමට පැමිණි අවස්ථාවේ සැඟවී සිටි අයකු වෙඩි තබා ඇතැයි ද පසුව ඔහුද වෙඩි තබාගෙන ඇතැයි ද කියති.
පීටර්ස්බර්ගිහි කෙවින් ජේම්ස් නමැති 27 හැවිරිදි තරුණයකු ඇයට වෙඩි තබා ඇතැයි අනාවරණය කරගෙන ඇති බවත් ඔහු සම්බන්ධ වැඩි විස්තර පොලිසිය ලබාදී නැති බවත් වාර්තාවේ.
ඇමරිකාවේ ජනප්‍රිය රියැලිටි වැඩසටහන් වන ‘ද වොයිස්‘ හි අවසන් වටයට පැමිණි ක්‍රිස්ටිනා එරට ජනප්‍රිය ගායිකාවක් ලෙස ප්‍රකට වූ අතර ‘ෆයින්ඩ් මී‘ නමින් ගීත ඇල්බමයක් ද එළිදක්වා තිබිණි.
වෙඩි තබන අවස්ථාවේ ක්‍රිස්ටිනාගේ සොහොයුරාද ඇය සමග සිටි අතර ඔහු ඇයව ඉවත් කරගැනීමට උත්සාහ කළද එය සාර්ථක නොවූ බවත් කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට හේතුව ජීවිතයේ ලබන්න පුළුවන් උතුම්ම වස්තුව මේ අයට ලැබිල නැහැ.ඒ තමා ධර්මය .(අ)
පිටිගල මිලානෝ තරම් ඇමරිකාව ගැන දන්න වෙන කෙනෙක් නැහැ වගෙයි (නි)
සුසන්ත, හැකි ඉක්මනින් ලංකාවට එන්න. සාපේක්ෂව අපි ගොඩක් උස තැනක ඉන්නවා. (නි)
රිවි, දිනපතා නම් මේවා ඇමරිකාවේ සිදුවෙන්නේ නැහැ. මම හිතන්නේ මේක 90 ගණන් වලින් පස්සේ ගායකයෙක් ඝාතනය වූ පළමු අවස්ථාව (නි)
ඇමරිකා වල ලෙහෙසියෙන් ඕනෑම කෙනෙකුට අවියක් ගන්න පුළුවන්. මේ වගේ භයානක මිනීමැරුම් වලට එ්ක ලොකු සාධකයක්. මොනවා කිව්වත් අපේ රටේ මේ වගේ බුරුතු පිටින් මරාදාන උම්මත්තකයෝ බිහිවෙලා නැහැ තාම (නි)
කරුණාපාල හරි. ලංකාව ලෝකේ හොඳම රට කියලා හිතාගෙන ඉන්න කට්ටිය ළිං මැඩි ප්‍රතිපත්තිය තමයි අනුගමනය කරන්නේ (නි)
නාමල්, ගායකයෙක්ම වෙන්න ඕනෑද ඝාතනය වෙන්න? ගායකයෙක් ඝාතනය වුණේ නැතිවුණාට ඝාතන සංස්කෘතිය ඇමෙරිකාවට අමුතු දෙයක් නෙමෙයි. මේ ඊයෙත් බුරුතු පිටින් මරාදමලා තිබුනේ (නි)
නිශාන්ත කියලා තියනවා වගේ ඒ අතින් ලංකාවේ අය මොන තරම් නම් ධාර්මිකද? මිනීමැරුමක්, හොරකමක් ස්ත්‍රී දුෂණයක්, කොටින්ම කියනවා නම් පියා තම දුවව දුෂණය කිරීමක් ලංකාවේ අහන්න වත් තියනවාද? මස් අනුභවයෙන් හා මත්පැනින් වැළකී කිසිවිටෙකත් ආරවුලකට හවුල් නොවන ධාර්මික ජනතාවක් වෙසෙන මේ ධර්මද්ධීපය හැරදා අර වගේ අධර්මිෂ්ඨයින් වෙසෙන ඇමරිකාවට, ඔස්ට්‍රේලියාව හා යුරෝපීය රටවල් වලට හොර වීසා ගහගෙන හෝ යන්න මේ ධාර්මිකයින් වෙහෙසෙන්නේ මොන හේතුවටද කියලයි මම මේ කල්පනා කළේ? (බ)
මම ඉන්නේ ඕස්ට්‍රේලියා වල. අපේ රට සාපේක්ෂව හොඳ තැනක තියෙන්නේ. මම බලාගෙන ඉන්නේ කොයිවෙලේද ලංකාවට එන්නේ කියලා. ඔයගොල්ලෝ තමන්ගේ රටට බොරුවට බනින්න එපා. (නි)
එහෙ ජාතික ආරක්ෂාව ගැන අපේ අයට තරම් ප්‍රශ්නයක් නැතුව ඇති. අපේ රටේ ඔහොම දෙයක් වුණා නම් අම්මෝ, මුළු හමුදාවම පාවලා දුන්නා වගේ කතාව. (නි)
ඇමරිකාව ලෝකයේ භයානකම රටක්. පාසල් තුලම ළමයින් මොන තරම් වෙඩි තබනවාද? හොඳම පුද්ගලික විදුහලකට යැව්වේ නැත්නම් ඇමරිකාවේ හැදෙන ළමයි අනාථයි. (බ)
ඇමරිකාවේ මෙවෙනි සිදුවීම් බහුලව දිනපතා සිදුවනවා , අපි මෙයට නිවන් සුව පතපු , සර්වබලදාරි දෙවියන්ගේ ආශිර්වාදය පතමු (බ)