මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගේ පදවි ප්‍රාප්තියට වසරක් පිරිම නිමිති කොට එතුමන් හටත්, ශ්‍රී ලංකා රජයටත්, ජනතාවටත් සෙත්පතා බෝධි පුජාමය පින්කමක් ලන්ඩන් නුවරදී පැවැත්වෙයි.
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර ඇති මෙම පිංකම ජනවාරි 8 වැනි සිකුරාදා සවස 7 ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා සහභාගි වන ලෙස බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකිකයින් හට ගෞරවාන්විතව ආරාධනා කරන බව වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් නමින් නිකුත් කර ඇති නිවේදනයෙහි දැක්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනාධිපතිතුමා කොච්චර පින්වන්තද? බලන්න ලෝකය පුරා ඔහු නමින් පින්කම් කරනවා (නි)
අප දන්නා පරිදි නම් බ්‍රිතාන්‍යට මහා කොමසාරිස් වරයෙක් තවම පත් කර නැත. එසේනම් එම තනතුර අවභාවිතා කරමින් නිවේදන නිකුත් කරන්නේ කවුද? මොහුගේ මෙම උත්සාහය 'පිට කසා ගැනීමක්ද?' සැබෑ දක්ෂයෙකු වූ හිටපු මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතාට පසුගිය ආණ්ඩුවේ පුද්ගලයෙක් දැඩිලෙස අවමාන කළ බැවින් ගෞරවයෙන් ඉල්ලා අස් විය. (බ)
රට කනවා මෙයාලා (අ)