ඇමෙරිකා නව ජනාධිපති ලෙස පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයේ වැඩ භාරගැනීම සඳහා ව්‍යාපාරික කටයුතු වලින් ඉවත් වන බව පැවසීය.

ජනපති ධුරයේ සහ ව්‍යාපාරික කටයුතු අතර ගැටුමක් ඇති වීම වැළැක්වීමට එම තීරණය ගත් බව ඔහු කියා ඇත.

අනාගත සැලසුම් ගැන වැඩි විස්තරයක් නොදුන් ඔහු පැවසුයේ මීළඟ මාධ්‍ය හමුවේදී තම අනාගත සැලසුම් පිළිබඳ ජනතාව දැනුවත් කරන බවයි.

“ජනපතිවරයෙක් ව්‍යාපාර කටයුතු අත්හරින්න කියලා නීතීයක් නැහැ“යැයි ඔහු පැවසීය.

නමුත් ඔහුගේ ප්‍රතිවාදීන් මීට පෙර පැවසුයේ ඔහුගේ ව්‍යාපාර කටයුතු ඔහුගේ ජනපති ධූරයේ කටයුතු වලට හානියක් සිදු කරනු ඇති බවයි.

ජනවාරි 20 වෙනි දින ජනපති ධුරය භාරගැනීමට නියමිතයි.