
පැවැත්වීමට නියමිත මාලදිවයින ජනාධිපතිවරණය සඳහා එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයා බවට වත්මන් ජනාධිපති ඊබ්‍රහිම් සොලී පත්ව ඇතැයි වාර්තා වේ.
ඊයේ (28) පැවැත්වුණු ප්‍රාථමික ඡන්ද විමසුමින් පක්ෂයේ සභාපති සහ කථානායක මොහොමඩ් නෂීඩ් පරදවා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට ඊබ්‍රහිම් සොලී සමත් වූ බව ද පැවැසෙයි.
මාලදිවයින තුළ ධුරයේ රැඳී සිටින ජනාධිපතිවරයෙකු නැවත මැතිවරණයට තරග කිරීම සදහා පැවති ප්‍රාථමික ඡන්ද විමසුමකින් ජය ලැබූ පළමු අවස්ථාව ද මෙයයි.
පරාජයට පත් වුණු හිටපු ජනාධිපතිවරයකු ද වන මොහොමඩ් නෂීඩ්, මාලදිවයිනේ ජනාධිපති ධුරයට පත්වුණු පළමු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd