IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජනපති ෂී ජින්පින්ග් පැපුවා නිව්ගිනියාවට

පෝට් මෝස්බිහිදීය (රොයිටර්)
 
 
ආසියා ශාන්තිකර සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ග් බ්‍රහස්පතින්දා (15) පැපුවා නිව්ගිනියාවට පැමිණියේය.
 
ආසියා ශාන්තිකර සමුළුවේදී චීන ජනාධිපතිවරයා ප්‍රධාන භූමිකාවක් හොබවනු ඇතැයි ද පැවසේ. 
 
පැපුවා නිව්ගිනියාවට ආවේණික ගෝත්‍රික කණ්ඩායම් සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසී නර්තන ඉදිරිපත් කරමින්  එරටට පැමිණි චීන ජනාධිපතිවරයා පිළිගත්හ. 
 
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෙනසුරාදා හා ඉරිදා පැවැත්වෙන ආසියා ශාන්තිකර සමුළුවට සහභාගී නොවන බව දැනුම් දී තිබෙන තත්ත්වයක් තුළ සමුළුවේදී චීන ජනාධිපතිවරයාට විශේෂ අවධානයක් යොමුවනු ඇතැයි පැවසේ. 
 
චීනය කලාපය තුළ ක්‍රියාත්මක කරමින් තිබෙන සංවර්ධන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමට චීන ජනාධිපතිවරයාට ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇතැයි ද ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති. 
 
පැපුවා නිව්ගිනියාව සම්පත් හා මූලාශ්‍රවලින් පොහොසත් රටක් වන අතර උපායමාර්ගිකව වැදගත් රටක් ලෙස ද සැලකේ. 
 
චීන ජනාධිපතිවරයකු නිල සංචාරයක් සඳහා පැපුවා නිව්ගිනියාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර ආසියා ශාන්තිකර සමුළුවට සහභාගී වීමෙන් පසුව ජනාධිපතිවරයා ආසියා ශාන්තිකර ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සම්මේලනයේ මුඛ්‍ය දේශනය පැවැත්වීමට ද නියමිතය. 



අදහස් (0)

ජනපති ෂී ජින්පින්ග් පැපුවා නිව්ගිනියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site