IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජනපති බයිඩන්ගේ නිරෝධායනය අවසන්

තව දුරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු නොවන බව තහවුරු වීමෙන් අනතුරුව, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ නිරෝධායන කාලසීමාව අවසන් විය.

අවසන් වෛද්‍ය පරීක්ෂණ දෙකෙන් ම 79 හැවිරිදි බයිඩන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු නොවන බව තහවුරු වීමෙන් පසු, ඔහුගේ නිරෝධායන කාලය අවසන් වන බව ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බයිඩන් පළමුවෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වූයේ ජූලි 21 වැනිදාය. ඉන්පසු සතියක් යද්දී බයිඩන් දෙවැනි වරටත් ආසාදිතයකු බවට පත් විය.

ඒ අනුව, ධවල මන්දිරයේ නිරෝධායනය වෙමින් සිය රාජකාරි කිරීමට බයිඩන්ට සිදුවිය. බයිඩන්ට ඊයේ (7) ධවල මන්දිරයෙන් පිටවීමට ඉඩ ලැබුණේ මාස දෙකක නිරෝධායන කාලයකින් පසුව යැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ජනපති බයිඩන්ගේ නිරෝධායනය අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 503 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2244 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site