
තව දුරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු නොවන බව තහවුරු වීමෙන් අනතුරුව, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ නිරෝධායන කාලසීමාව අවසන් විය.
අවසන් වෛද්‍ය පරීක්ෂණ දෙකෙන් ම 79 හැවිරිදි බයිඩන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු නොවන බව තහවුරු වීමෙන් පසු, ඔහුගේ නිරෝධායන කාලය අවසන් වන බව ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බයිඩන් පළමුවෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වූයේ ජූලි 21 වැනිදාය. ඉන්පසු සතියක් යද්දී බයිඩන් දෙවැනි වරටත් ආසාදිතයකු බවට පත් විය.
ඒ අනුව, ධවල මන්දිරයේ නිරෝධායනය වෙමින් සිය රාජකාරි කිරීමට බයිඩන්ට සිදුවිය. බයිඩන්ට ඊයේ (7) ධවල මන්දිරයෙන් පිටවීමට ඉඩ ලැබුණේ මාස දෙකක නිරෝධායන කාලයකින් පසුව යැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd