ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද බොහෝ ගෝලීය තීරුබදු නීති විරෝධී බව එරට අභියාචනාධිකරණයක් තීන්දු කර තිබේ.

එම අධිකරණය සඳහන් කළේ, මෙම තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා කිරීමට ට්‍රම්ප් පරිපාලනයට ඔක්තෝම්බර් 14 වනදා දක්වා අවස්ථාව පවතින බවය.

ට්‍රම්ප්ගේ තීරුබදු වලට මෙන්ම චීනය, මෙක්සිකෝව සහ කැනඩාව මත පනවා ඇති අනෙකුත් තීරුබදු වලටද මෙම තීන්දුව බලපානු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ නමුත්, ට්‍රම්ප් සඳහන් කළේ, පනවා ඇති තීරුබදු ඉවත් කළහොත් එමගින් අමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වනු ඇති බවය.