
රුසියන් යුක්රේන යුද්ධය නවත්වා සාම වැඩපිළිවෙළකට යෑම සම්බන්ධයෙන් තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ බවත්, යළිත් වරක් මුහුණට මුහුණ හමුවක් පැවැත්වීමට රුසියන් ජනාධිපතිවරයා කැමැත්ත පළ කර බවත්, එම හමුව හංගේරියාවේ බුඩපෙස්ට් නුවරදී පැවැත්වෙනු ඇති බවත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වී සිටී. ට්‍රම්ප් පසුගිය අගෝස්තු මාසයේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවිය. ඒ, ඇමෙරිකාවට අයත් ග්‍රීන්ලන්තයේදීය. එහිදී ද රුසියන් යුක්රේන යුද්ධය නවත්වා, සාමයට යෑමට රුසියන් ජනාධිපතිවරයා කැමැත්ත පළ කළත් සාම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූයේ නැත.
ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතරේත්, යුක්රේනයට සහාය දක්වන බටහිර යුරෝපා රටවල් අතරේත් සාකච්ඡා පැවැත්වුණු නමුත් සාම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූයේ නැත. රුසියාව, යුක්රේනයට එරෙහි ප්‍රාහර වැඩි කළේය. මෙය ට්‍රම්ප්ගේ දැඩි අප්‍රසාදයට පවා හේතුවක් විය.
ට්‍රම්ප් සහ පුටින් අතරේ ඊයේ එම දුරකතන කතාබහ පැවැතියේ, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයට පැමිණ ට්‍රම්ප් හමුවීමට සූදානම් වෙද්දීය. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී වොෂින්ටනයට පැමිණෙන්නේ ඇමෙරිකාවෙන් යුද ආධාර ලබා ගැනීමේ අරමුණින්ය.
ඇමෙරිකාව යුක්රේන හමුදාවට ‘ටමහෝක්’ වර්ගයේ දිගු දුර මිසයිල ලබා දීමට සැරැසෙයි. තමන් එම ‘ටමහෝක්‘ මිසයිල යොදා ගනිමින් රුසියන් හමුදාවට ප්‍රහාර එල්ල කරනවා යැයි සෙලෙන්ස්කී, රුසියාවට අනතුරු ඇඟවීමක් ද කර ඇත.
ට්‍රම්ප් සහ පුටින් අතරේ දුරකතන කතාබහ සිදුවූයේ මෙවැනි තත්වයක් යටතේය. සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ‘ටමහෝක්’ මිසයිලවලින් පහර දෙනවා යැයි කී සැණින්, බිය වී, ට්‍රම්ප් සමඟ දුරකතන කතාබහක නියැලීමට රුසියන් ජනාධිපතිවරයා කැමැත්ත පළ කරන්න ඇති බවය. මේ සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd