
ඉරානය සමග ගැටුමේ දී, ඇමෙරිකාවට සහාය නොදැක්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට දොස් නගා ඇත. ට්‍රම්ප් මෙසේ දොස් නැගුවේ, ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී නේටෝ සංවිධානයේ ප්‍රධානී මාර්ක් රූට් හමුවී සාකච්ඡා කරද්දීය.
ඉරානයට එරෙහි යුද මෙහෙයුමේදී තමන්ට සහාය දැක්වීමට අපොහොසත් වූ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජික රටවල් පිළිබඳව තමන් දැඩි කලකිරීමට පත්ව සිටින බව ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම අවස්ථාවේදී පැවැසුවේය.
“මිත්‍ර පාර්ශවයන්ගෙන් අප මඟහැරුණා. ඇත්තෙන්ම අපට මේ සඳහා කිසිදු බාහිර උදව්වක් අවශ්‍ය වුණේ නැහැ. යුද්ධය ආරම්භ වූ පළමු සතිය තුළදීම අප ඉරානය සහමුලින්ම විනාශ කර දැමුවා. ඒත් ‘අපිත් ඔබට උදව් කරන්න කැමතියි’ කියා නේටෝ සංවිධානයේ සාමාජික රටවල් ඉදිරිපත් වූවා නම් එය බෙහෙවින් අගය කළ හැකිව තිබුණා.” යැයි ජනාධිපති ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd