
ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය සිය බලතල භාවිත කළ යුතු බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය පවසා තිබේ.
අමාත්‍යවරිය පවසන්නේ රට තුළ පිහි ඇනුම් සිද්ධි වැළැක්වීමට මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා පොලීසිය වාහන සහ පුද්ගලයන් නවතා පරීක්ෂා කළ යුතු බවය.
එංගලන්තයේ සහ වේල්සයේ පොලිස් ප්‍රධානීන්ට ලිපියක් යවමින් සුඑලා බ්‍රෙවර්මන් අමාත්‍යවරිය ඒ බව පැහැදිලි කර ඇත.
පරීක්ෂාකිරීම්වලදී යම් සිද්ධියක් වුවහොත් හැකි ඉක්මණින් ඊට අදාළ වීඩියෝ ජනගත කරන ලෙසද ඇය උපදෙස් දී තිබුණාය.
එමගින් සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන චෝදනා අවම කරගත හැකි බව ඇය පෙන්වා දෙයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන්නන් පවසන්නේ පොලීසිය මෙවැනි නීති යොදාගනිමින් සුළු ජාතික ජනකොටස් විශේෂයෙන්ම කළු ජාතිකයින්ව අපහසුවට පත්කරන බවය.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනතා ආරක්ෂාවට පොලිසියට වැඩි බලතල