රෙස්ලිං තරුවක් මෙන්ම, ජනප්‍රිය හොලිවුඩ් නළුවකු ද වන ජෝන් සීනාට චීනයෙන් සමාව ගැනීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සීනාට චීනයෙන් සමාව ගැනීමට සිදුවූයේ, ඔහු තායිවානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශකයට චීනය උරණ වූ බැවිනි.
තිරගතවීම් ආරම්භ කළ හොලිවුඩ් අධ්‍යක්ෂ ජස්ටින් ලින්ගේ 'ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 9' චිත්‍රපටයට ජෝන් සීනා ද එක් වී සිටී. සීනා තායිවාන දූපත රටක් ලෙස හඳුන්වා ඇත්තේ, චිත්‍රපටයේ ප්‍රචාරක වීඩියෝවකට එක් වෙමිනි.
සීනා තායිවානය ගැන කතා කළේ ලින්ගේ 'ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 9' අධ්‍යක්ෂ ජස්ටින් ලින් උපත ලබා ඇත්තේ තායිවානයේ තායිපේ නුවරදී බැවිනි. චීන රජයෙත් සහ චීන වැසියන්ගෙන් අප්‍රසාදයත් විරෝධයත් එල්ල වෙද්දී, සීනා සිය වෙයිබෝ ගිණුම හරහා වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් සමාව ඉල්ලුවේ මැන්ඩරීන් බසිනි. චීන ජාතිකයන් කතා කරන්නේ මැන්ඩරීන් වන අතර, ජෝන් සීනා ට මැන්ඩරීන් බස හොඳින් පුළුවන්ය.
'මට ලොකු වැරදීමක් වුණා. මම ඒක දැන් නිවැරදි කරනවා. එසේ කිරීම ඉතාමත් වැදගත්. මම චීනයටත් චීන වැසියන්ටත් ආදරෙයි. ගරු කරනවා.' යැයි සීනා මැන්ඩරීන් බසින් සමාව ඉල්ලා ඇත.
කෙසේ නමුත්, තමන් සමාව ඉල්ලන්නේ තායිවානය සම්බන්ධයෙන් යැයි සමාව ඉල්ලද්දී සීනා කිසිවක් පවසන්නේ නැත. එය ද චීන වැසියන්ගේ විරෝධයට හේතුවක් වී ඇත.
ජෝන් සීනා චීනය ගැනත්, චීනය සහ තායිවානය අතර පවතින අර්බුදය ගැනත් අවබෝධයක් ඇති අයකු බවත්, ඔහු තායිවානය රටක් යැයි පැවැසීම අනුමත කළ නොහැකි බවත් චීන වැසියෝ යළිත් අවධාරණය කර තිබේ.
තායිවානය චීනය ආසන්නයේ පිහිටි දූපතකි. අතීතයේ තායිවානය චීනයට අයත් කොටසක් විය. කෙසේ නමුත් මේ වනවිට තයිවානය චීන පාලනයෙන් මිදී වෙනම පාලනයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. එසේ වුවත්, චීනය තවමත් තායිවානය සලකන්නේ චීනයේ කොටසක් ලෙසය. තායිවානය විදෙස් සබඳතා ඇති කර ගැනීම, විදෙස් ආයෝජන ලබා ගැනීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. චීනයේ ඉල්ලීමට රටවල් බොහොමයක් තායිවානය සමඟ වෙළෙඳ සබඳතා පවා පවත්වන්නේ නැත.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජෝන් සීනා චීනයෙන් සමාව ඉල්ලයි